දක්ෂතා තිබියදී පැරිස් ගමණත් අහිමි වූ රුමේෂ්ට බ්‍රිස්බේන් වීසා ලබා දීමටත් වගකිවයුත්තන් මැදිහත් නොවන ලකුණු

Date:

සටහන – නිෂ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ හෙල්ල වීසි කිරිමේ ජාතික වාර්තාලාභියා මෙන්ම ජාතික සූරයා ද වන රුමේෂ් තරංංග ට ජනවාරි 25 වන දා ඔස්ට්‍රේලියාවේ බ්‍රෙස්බ්න් හී දී ආරම්භ වන වීසි කිරීමේ ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව වීසා නිකුත් නොකිරීම නිසා නොලැබී යාමේ අවදානමක් පැන නැඟී ඇත.

පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනයට රුමේෂ්ට අවස්ථාව නැති වී ගියේ ප්‍රමාණාත්මකව ජාත්‍යන්තර මට්ටමේ තරග නොලැබීම නිසා වන අතර එ සම්බන්ධයෙන් වත්මන් මලල ක්‍රීඩා සංගමය මෙන්ම පැවති ක්‍රීඩා අමාත්‍යංශය ද වගකිව යුතු විය.ඒ සම්බන්ධයෙන් කම්පා වූවන් අතර අවංකවම සුගත් තිලකරත්න වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ද විය.

https://qldathletics.org.au/event/brisbane-throws-challenge/ හරහා මෙම ඉසව්වේ තොරතුරු දැන ගැනීමට හැකියාව ඇති අතර ලෝකයේ ප්‍රධාන හෙල්ල වීසි කිරීමේ ක්‍රීඩකයෙක් ලෙස රුමේෂ්ගේ දක්ෂතාවලට ලැබෙන පිළිගැනීම මත පෞද්ගලික අනුග්‍රහයක්ද සොයා ගෙන මෙම තරගාවලිය සඳහා ලැබුණු ආරාධනයට සූදානම් වුවත්,තවමත් අවශ්‍යය වීසා ලැබී නැත.ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් මෙන්ම අමාත්‍යවරුද මේ සම්බන්ධයෙන් විදේශ ඇමතිවරයා හරහා අවසර ලබා දීමට මැදිහත්වන බව කීව ද තවමත් ඔස්ට්‍රේලියානු වීසා නොලැබීම නිසා 2028 රටේ ප්‍රධානම ඔලිම්පික් බලාපොරොත්තුවක් වන රුමේෂ් වෙනුවෙන් ඉදිරිපත් වී ඇති පෞද්ගලික අනුග්‍රාහකයාද උදාසීන වන අන්දමින් රජය මේ වීසා ප්‍රශ්නය විසඳා දීමට මැදිහත් නොවීම කණගාටුදායක තත්ත්වයකි.

නිරන්තරයෙන් වීසා නොලැබීම නිසා මලල ක්‍රීඩා සංගමය සහ ක්‍රීඩා අමාත්‍යංශය එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම පසුගිය කාලයේ දකින්නට ලැබුණු සංදර්ශනයක් වන අතර මෙහිදී අදාළ ක්‍රීඩා උළෙල වෙනුවෙන් මලල ක්‍රීඩා සංගමය සියලු ලේඛණ සකස්කර දී ඇති අතර වීසා ප්‍රමාදය සඳහා මැදිහත් විය හැක්කේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ය.එම වගකීම ඉටු නොවීම නිසා පැරිස් ඔලිම්පික් උළෙල ද නිලධාරීන්ගේ දුර්වලතාවය නිසා කැප කරන්නට සිඳු වුණ රුමේෂ්ට 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා උත්සාහ කරන ගමනේ පළමු උත්සාහයම මේ ආකාරයට වීසා ප්‍රශ්නය සඳහා වගකිවයුත්තන්ගේ දායකත්වය මඳකමින් ගිලිහී යාම කණගාටුදායකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...