අධ්‍යාපනය කියන්නේ දරුවන්ට අත්තටු!

Date:

කොළඹ LNW:අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක්, අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු බවත්, ඉදිරි වසරවල අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේය.

‘අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්’ ලෙස හැදින්වීම ම ගැටලුවක් ලෙස දකිනා බවත්, නිවැරදි වැඩපිළිවෙලක් තුළ ජනතවගේ ආර්ථික ස්ථායිකරණය හරහා පොහොසත් රටක ලස්සන ජීවිතයක් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ ප්‍රාදේශීය සභාවේ පොදු අරමුදල හරහා අඩු ආදායම්ලාභී දරුවන්ට පාසල් පොත් සහ උපකරණ ලබා දීමේ වැඩසටහනක් ඊයේ (24) ටී.බී ඉලංගරත්න ක්‍රීඩාංගනයේ දී පැවැත්විය. ඊට එක් වෙමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්විය.

මෙරට සංවර්ධනය වීමෙහි ලා දැනුමෙන් සන්නද්ධ වූ දරු පරපුරක් බිහි කරලීමේ අවශ්‍යතාවයක් ඇති බවත්, යහපත් සමාජ පරිවර්තනයක දී අධ්‍යාපනය යනු අත්තටු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...