*
Friday, April 26, 2024
spot_img

Latest Posts

වංචා දූෂණයේ තිප්පොලවල් බවට පත්වූ රාජ්‍ය ආයතන – විදුලි බලාගාර මගඩිය

කාලයකට පසු නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍ර තුනම එකවර පන ගැන්වී ඇත. මීට පෙර නොරච්චෝලේ විදුලි ජනන යන්ත්‍රවල තත්වය වූයේ එක යන්ත්‍රයක් හෝ දෙකක් පන ගැන්වෙන විට අනෙක් එක හෝ දෙක බ්‍රේක් ඩවුන් තත්වයේ පැවතීමය. නැවත එම යන්ත්‍ර අළුත්වැඩියා කොට පනගන්වන විට පන ගැන්වෙමින් තිබූ යන්ත්‍ර බ්‍රේක් ඩවුන් වීමය.

පසුගිය සමයේ මේ එකක් හදන විට එකක් කැඩෙන වැඩේ අනිවාර්ය තත්වයක් වී තිබින. නමුත් මේ අසාමාන්‍ය තත්වය ගැන මෙතෙක් පිළිගත හැකි විමර්ශනයක්ද සිදු කර නැති අතර ඒ පිළිබඳව ජනතාව ප්‍රශ්නකර සිටි අවස්තාවල වගකියයුත්තන් මේ පිළිබඳ ව්‍යාජ පිළිතුරු සපයා අර්බූදය යට ගැසීය.

දැන් අළුත්ම තත්වය නොරොච්චෝලේ යන්ත්‍ර තුනම පනගැන්වෙන විට කැළණි තිස්ස බලාගාරයේ ඉන්දන නැතිවීමය. මෙහිදී මේ විදුලි ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය විශේෂ ඉන්දන වර්ගය තෙල් සංස්ථාව සතුව ඇතත් ඒ සඳහා ගෙවීමට මුදල් විදුලි බල මන්ඩලය සතුව නැතිබව පැවසේ.

නමුත් විදුලිබල මණ්ඩල‍ය සහ තෙල් සංථාව යන ආයතන දෙකම පවතින්නේ එකම අමාත්‍යංශය යටතේය. එකම අමාත්‍යාංශයක් යටතේ පවතින සංස්ථා දෙකක් අතර ඇති ජාතිකමය වශයෙන් වැදගත්වෙන මුල්‍ය ප්‍රශ්නයක් විසඳාගැනීමට බැරි අමාත්‍යාංශයක් කුමකටද..? නැත්නම් මෙහි ඇත්තේ වෙනත් ප්‍රශ්ණයක්ද..? මෙහිදී විදුලි ජනන යන්ත්‍ර සියල්ල එකවර ක්‍රියාත්මක නොවීමේ ක්‍රියාපටිපාටිය තුල යම් වංචනික ජාවාරමක සේයාවන් ඇත. මන්ද සියළු ජනන යන්ත්‍ර එකවර ක්‍රියාත්මක වනවිට බලමණ්ඩලයට ඉතා අධික මිලක් ගෙවා පෞත්ගලික බලාගාර වලින් විදුලිය ලබාගැනීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ.

මෙහිදී බලාගාර සියල්ල එකවර ක්‍රියාත්මක කල නොහැකි කෘතීම අර්බූදයක් නිර්මාණය කර ඒ හරහා පෞත්ගලික බලාගාර වලින් වැඩි මිලට විදුලිය ලබාගැනීමට වැඩ සිදුවන තැනට තත්වයන් කළමනාකරණ කෙරෙන අභ්‍යන්තර සැලැස්මක් මන්ඩලය තුලම ඇතැයි අපට සැකකල හැකිය.

බොහෝවිට මේ පෞත්ගලික බලාගාර ක්‍රියාවලිය තුල ඇත්තේ ද මහජන බදු මුදලින් රෝහල් වලින් සුපිරි වැටුප් ලබන වෛද්‍ය වරු චැනල් ව්‍යාපාරය හරහා වක්‍රව මහජනයා මිරිකා තවත් අමතර අදායමක් ලබාගැනීම හා සමාන තත්වයකි. මන්ද මේ පෞත්ගලික බලාගාර වල ඇත්ත හිමිකරුවන් යනු බොහෝවිට විදුලිබල මණ්ඩලයේ ඉහල තනතුරු දරන අයගේ සමීපතමයන්ය. මේ ඉහල තනතුරු දරන නිලධාරීන් විදුලිබල මණ්ඩලයෙන් විශ්‍රාම ලැබූ පසුද ඔවුන් කටයුතු කරනු පෙනෙන්නෙ (තමුන් කලින් අත යට ගනුදෙනු කල) මේ පෞත්ගලික බලාගාර තුලමය.

මේවැනි වංචා දුෂණවලට දේශපාලන අධිකාරිය ඝෘජුවම වගකිව යුතුය. මන්ද ඔවුන්ට නොදැනෙන සේ මෙවන් අකටයුතු දෑ කෙසේ වත් සිදුවිය නොහැකි බැවින්. නමුත් මේ වංචාවන්ට අදාල සැලසුම් ක්‍රියාත්මක වනුයේ ඇතැම් නිලධාරීන්ගේ අනු දැනුම හා මගපෙන්වීම හරහා යැයි අපට තදින්ම අනුමාන කිරීමට සිදුවේ.

අවසානයේ මේ සියළු අක්‍රමිකතා හා වන්චා දූෂණවල වන්දිය ගෙවිය යුත්තේ මහජනයාගේ බිල් පතෙනි. මන්ද, නිලධාරීන්ට ඇති වෘතීය සමිති බලය හා සිවිල් බලය සහ මාධ්‍ය බලය තනි තනි පාරිබෝගිකයන්ට නැති බැවින්.

සත්‍ය ලෙසම මේ වෘතීය සමිති නායකයන් විදුලිබල මණ්ඩලය පෞත්ගලිකකරණය කරනවාට මාරාන්තික ලෙස එරෙහි වන්නේ දුප්පත් රටකට ඔරොත්තු නොදෙන ඔවුන්ගේ වෘතීය වරප්‍රසාද රැකගැනීම සඳහාම පමණක් නොවේ, මන්ඩලය තුල වවාගෙන කන මේ ජාවාරම් ටික ද රැකගැනීමේ අබිප්‍රායෙනි.

මන්ඩලය පෞත්ගලික කරණය කරීමට එරෙහිව මේ වෘතීය සමිති නිලාධාරීවාදීන් ගෙනහැර දක්වන ව්‍යාජ තර්කය නම් පෞත්ගලික අංශය බලමණ්ඩලය ලබාගැනීමෙන් පසු අත්තනෝමතික ලෙස බිල් පතේ මිල වැඩිකල හැකිය යන කෙබරයයි. නමුත් මේවනවිට නිලධාරීන්ගේ වරප්‍රසාදවල හා වන්චා දුෂණවල වන්දිය ලෙස එකවර සීයට පනහකින් හා හැත්තෑවකින් අවස්තා කීපයකදීම මහජනයාගේ විදුලි බිල්පත වැඩිවී ඇත.

රාජ්‍ය ආයතන පෞත්ගලිකකරණය කිරීමෙන් පසු එය අත්පත් කරගන්නා පෞත්ගලික අංශය හිතූ හිතූ ලෙස බිල වැඩිකරනු ඇතැයි යන කතාව මිනිසුන් බයකිරීමට නිලධාරීන් ඇදබාන තනි මුසාවකි. කලින් රාජ්‍ය අංශය සතුව තිබූ “දුරකථන සන්නිවේදනය” පෞත්ගලික කරණය කිරිමෙන් පසු ඇතිවු තත්වය හරහා අපට පෞත්ගලික කරනය සම්බන්දව ගොතා ඇති මේ මිත්‍යාවේ සත්‍ය පැහැදිලි කරගත හැකිය.

දුරකතන සන්නිවේදනය රාජ්‍යයේ තනි ඒකධිකාරිය යටතේ පැවති සමයේදී සාමාන්‍ය ජනයාට පහසුවෙන් දුරකතනයක් බාවිතා කිරීමෙ හැකියාවක් තිබුනේ නැත. හේතුව එකල දුරකතනය යනු ධනපති පන්තියට පමණක් බාවිතාකල හැකි මිල අධික සුඛෝපභෝගි උපකරණයක්ව පැවති බැවින්. එදා සාමාන්‍ය ජනයා කලාතුරකින් දුරකතනයක් බාවිතා කලේ තැපැල් කාර්‍යාල හරහා පමණි. නමුත් දුරකතන සන්නිවේදනය සඳහා පෞත්ගලික අංශයට දොර හැරීමත් සමඟ එයට නව නව තාක්ෂණයන් එක් විය. අනතුරුව පෞත්ගලික දුරකතන සන්නිවේදන සමාගම් කීපයක්ම සන්නිවේදන වෙළඳපොලට පැමිණීමත් සමඟ ඔවුන් අතර ඇතිවූ අලෙවිකරගැනීම සඳහා වන වෙළඳපොල තරඟයේදී සන්නිවේදනයේ මිල විශාල ලෙස පහත වැටුනි.

අද සෑම සියළු දෙනාටම දුරකතන බාවිතා කල හැකි අතර එය සාමාන්‍ය පොදු ජනයාගේ අත්‍යවශ්‍ය බාන්ඩයක් බවට පත්වී ඇත. දැන් රාජ්‍ය අංශය සතු ටෙලිකොම් එකටද වඳවී යෑමේ තර්ජනයෙන් මිදීමට නම් මිල අඩු සුහද සේවාවක් වෙනුවෙන් පෞත්ගලික අංශය සමඟ තරඟ යුතුව ඇත.

ඊළඟ උදාහරණය නම් බැංකු ක්ෂේත්‍රයයි. බැංකු ක්ෂේත්‍රයේ පෞත්ගලික බැංකු ඇති වීමට පෙර රාජ්‍ය බැංකු පද්දතියේ තිබූ අපරිනත ජරාජීර්ණ බව එකළ සිටි පරම්පරාව හොඳින් දනී. පොදු ජනයා බැංකු වෙත ආකර්ෂණය වූයේ පෞත්ගලික බැංකු වෙළඳපොලට පැමිණීමත් සමඟයි.

අනිත් කාරනාව රාජ්‍ය අංශයට අරක්ගෙන ඇති වංචා දුෂණ නැතිකල හැකි එකම ක්‍රියාමාර්ගය මේ ආයාතන පද්දතිය පෞත්ගලික අංශයට ලබාදීමේ ක්‍රියාවලියයි. මන්ද, පෞත්ගලික අංශය තුල පවතින ආයතන ව්‍යුහය තුල අභ්‍යන්තර දූෂණ වන්චා සහ ඇමතිගේ බාගය හෝ නිලධාරීන්ගේ කොමිෂන් මේ කිසිවක් ක්‍රියාත්මක නොවේ. හේතුව ඒවා ප්‍ර්‍රාග්ධනයේ ලාබ ජනනය ක්‍රියාවලියට පටහැනි හෙයින් කොම්පැණියේ පැවැත්ම වෙනුවෙන් මේවා මුලිනුපුටා දැමීමට සිදුවීමයි.

නමුත් රාජ්‍ය අංශය දිගින් දිගටම රට තුල පවත්වාගෙන යෑම තුල මේ දූෂණ වන්චා වල ඝෘජු හා වක්‍ර බර බිල් පත් හා බදු ලෙස සාමාන්‍ය ජනයා මත පටවමින් එය ද මදිවූ විට ආයාතන නඩත්තුව සඳහා ලෝක ණය ලබාගනිමින් රටට කෙළ උනත් රාජ්‍ය අංශය පවත්වාගෙන යා හැකිය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan