9 වෙනිදා කියන්නෙ මේ දුෂ්ට පාලකයින්ට ඉතාමත්ම අසුබ, අවාසනාවන්ත දිනයක් – හරිනි (VIDEO)

0
301

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් තෝරාගෙන ඇත්තේ ඓතිහාසික දිනයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

“අවුරුදු 75ක් තිස්සේ මේ රට අර්බුද කරා ගෙනගිය ඒ දුෂ්ට පාලනය, ඉතාම දූෂිත පාලනය අවසන් කරන්න අපට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. පළාත් පාලන මැතිවරණයට තෝරාගත්ත දිනයත් ඓතිහාසිකයි. 9 වෙනිදාවක්. 9 වෙනිදා කියන්නෙ මේ දුෂ්ට පාලකයින්ට ඉතාමත්ම අසුබ, අවාසනාවන්ත දිනයක්. නමුත් 9 වෙනිදා කියන්නෙ මේ රටේ පුරවැසියන්ට, මේ රටේ ජනතාවට අතිශයින්ම වාසනාවන්ත දවසක්. මාර්තු 9 කියන්නේ ජනතාවාදී, තමන් තෝරාගත්ත පාලනයක් පිහිටුවීමේ ගමනේ පළමුවෙනි අඩිය තියන දවස”

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ පෙරේදා (22) වාරියපොලදී පැවති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.

RN