දැන් තිබෙන්නේ ජන මතය විකෘති වූ තත්ත්වයක්: චරිත

Date:

දැන් පවතින්නේ ජන මතය විකෘති වූ තත්ත්වයක් නිසා ජන මතය විමසා බැලිය යුතු බවත්, මැතිවරණය යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් බැවින් එය පැවැත්විය යුතු බවත් පා.ම. මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

“මාර්තු 9 මැතිවරණය පවත්වන බව ප්‍රකාශ කර තිබෙනවා.ඒ කියන්නේ රට මැතිවරණයකට ප්‍රවිශ්ඨ වී තිබෙනවා. මැතිවරණය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක්. බව තේරුම් ගතයුතයි.

දැන් තිබෙන්නේ ජන මතය විකෘති වූ තත්වයක් .ඒ නිසා ජන මතය විමසා බැලිය යුතුයි. මේක පලාත් පාලන මැතිවරණයක් වූවාට ජනමතය විමසා බැලීම නිසා ඉතා වැදගත් මැතිවරණය. නමුත් විධායකයේ කට්ටිය වැඩ කරන්නේ මැතිවරණය පේන්න බෑ වගේ තත්වයක්.රට තුල නැවත විශාල ආතතියක් නිර්මාණය වී තිබෙනවා.

තවත් මේ මැතිවරණය කල් දැමීමට උත්සාහ කලොත් ඒ හරහා වෙන්නේ මේ නායකයෝ නියෝජනය කරන පක්ෂ හේදිලා යාමයි. අතීතයේත් මැතිවරණ කල්දාපු පක්ෂ හේදිලා ගියා. පොදුජන පෙරමුණේ සමහර නායකයෝ මේ තත්වය දානවා.
චන්ද එපා කියන ස්ලෝගන් එක ඉස්සරහට දැම්මොත් මේ පක්ෂ සුද්ද වෙලා යන්න ඉඩ තිබෙනවා. චන්ද කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී නෑ.

විභාගය එපා කියලා විභාගයට වාඩි වෙන කෙනාට කවදාවත් විභාගය පාස් වෙන්න බෑ.

රාජ්‍ය පරිපාලනයේ ලේකම් ලියුමකුත් යවලා තිබුනා.ඇත්තටම වෙලා තිබෙන්නේ කැබිනට් එකේ මිනිට් කල නැති එකක්, මිනිට් කරලා එවලා.මේක සෙල්ලමක් නෙවෙයි. කැබිනට් ලේකම්ට හොර මිනිට් එකක් ලියන්න කිව්වේ කවුද කියලා නම් අපි දන්නේ නෑ.
කැබිනට් එකේ කතා කල නැති දෙයක් කැබිනට් තීරණයක් ලෙස ලියනවා නම් ඒක බරපතල වරදක්. රාජ්‍යයට එරෙහිව කළ වරදක්.

එනිසා රාජ්‍ය යාන්ත්‍රණයේ බරපතල අවුලක් නිර්මාණය වෙමින් තිබෙනවා.
මේක ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල ප්‍රශ්නයක්.

ඊයේ දෙදෙනෙක් අත්අඩංගුවට අරන් තිබුනා.මැතිවරණයට පෙනී සිටින අපේක්ෂකයන් විවිධ හේතු කියලා අත්අඩංගුවට ගන්නවා නම් ඒක ගැටලුවක්.” යනුවෙන් හෙතෙම ප්‍රකාශ කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...