යල්පැන ගිය ප්‍රතිකාරවලින් රටේ තුවාලය සුව කරන්න බෑ – සජිත් සිවිල් සංවිධාන නියෝජිත හමුවේදී කියයි (VIDEO)

Date:

ප්‍රශ්න කන්දකට සිරවී ඕජස් ගලන තුවාලයක් බවට පත්ව ඇති රට සුවපත් කිරීම උදෙසා සම්ප්‍රදායක වැඩපිළිවෙළක් කිසිසේත් සරිලන්නේ නැතැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රටට ගොඩ එන්න පුලුවන්ද යන ප්‍රශ්නයට ඇති සෘජු පිළිතුර වන්නේ “පුළුවන්” යැයි පැවසූ විපක්ෂ නායකවරයා, ඊට අවශ්‍ය වන්නේ වන්නේ තිරසාර අවංක වැඩපිළිවෙළක් බව පැවසීය.

සම්මුතියට නිදහස් අවකාශයක් මැයෙන් “මැදහත් මාවත” සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහනක් පෙරේදා (22) පැවැත්විණි. සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන සමාජ සහ සිවිල් ක්‍රියාකාරීන් රැසක්ම සහභාගි වූහ.

ජනාධිපතිට අගමැතිට පාර්ලිමේන්තුවට හුදකලාවී තනිමතයට රටක් ගොඩනැගිය නොහැකි බවත් විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුලුණු තුන සංවරණ හා තුලන ක්‍රමවේදය සහිත ව පැවතිය යුතු බව තමන් විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත හිඳගෙන මේ රටේ ප්‍රශ්න විසඳිය යුතු යැයි තමන් විශ්වාස කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, ඉතාමත්ම ප්‍රායෝගිකව පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාවය අද වන විට අන් කවරදාටත් වඩා දැඩිව දැනෙමින් තිබෙන බවත් පෙන්වා දුන්නේය. එම පොදු වැඩපිළිවෙළ ප්‍රායෝගික විය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, එම පොදු වැඩපිළිවෙළ නිරන්තරයෙන් සාකච්ඡාවට ලක්විය යුතු අවංක එකක් විය යුතු බවත් අවධාරණය කළේය.

අපේ රටේ ආර්ථික වර්ධන වේගයන් පිළිබඳව කෙරෙන කතාබහ ප්‍රායෝගික නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, ආදායම් විෂමතාවය අදහාගත නොහැකි තරම් බරපතළ තත්ත්වයක තිබියදී ඒ විෂමතාවය අමතක කොට ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කිරීම විහිළුවක් බව ද සඳහන් කළේය.

මෙවැනි ව්‍යසනකාරී වූ වකවානුවක දී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ලංකාවෙන් පත්කොට ලවා ඇති තානාපතිවරුන්ට පැවරී ඇති වගකීම අතිමහත් බවත් අවාසනාවට බහුතරයක් තානාපතිවරු එය අවබෝධ කොටගෙන නැති හෙයින් එය බලවත් කනගාටුවට කරුණක් බවත් පවසා සිටියේය.

රට ගොඩනගන වැඩපිළිවෙළේ ප්‍රධාන කුළුණු පහ අතරට සිවිල් සංවිධාන ද අයත් විය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා යහපත් සහ ප්‍රශස්ත රාජ්‍ය පාලනයක් උදෙසා එය අත්‍යවශ්‍ය බව ද කීය .

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...

බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන...

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...