වසංගතයේදී පවා හිස ඔසවන අපනයනය

Date:

කොරෝනා වසංගතය ලංකාවට ඇවිල්ල දැනට අවුරුදු දෙකක් ඉවරයි. කොරෝනා වසංගතයෙ බලපෑම ආවෙ අපිට විතරක් නෙමේ මුළු ලෝකෙටම.මේකට මූණ දෙන්න බැරුව සමහර රටවල මිනිස්සු මැස්සො මදුරුවො ගාණට මැරිච්ච කාලයකුත් අපි පහු කලා.අපේ රටේ ආර්ථිකයට කොවිඩ් දැඩි බලපෑමක් කලා කියන එක රහසකුත් නෙමේ.

අදටත් තියෙන ඩොලර් හිගයට ප්‍රධානම හේතුවත් කොරෝනා.එහෙම වෙලාවක අපනයන ආදායම වැඩිවෙච්ච ක්ෂෙත්‍රයක් ගැන වාර්තා පලවෙනව. එ තමා ඉකුත් වසරේදී කාර්මික නිපැයුම් අපනයනයෙන් ඩොලර් කෝටි 800ක ආදායමක් ලබල තියෙනව කියන පුවත. ඒකෙ තවදුරටත් සදහන් වෙනව පෙර වසරට සාපේක්ෂව 23%ක වර්ධනයක් ලබල කියන කරුණ.ඉලක්කම් වලින් බැලුවොත් සදහන් වෙන්නෙ මේ විදියට. “2020 වසර තුළ දී කාර්මික නිෂ්පාදන අපනයනයෙන් කෝටි 652.7ක් උපයා ඇති අතර එය 2021 වසර අවසන් වන විට කෝටි 800.4ක් දක්වා වර්ධනය කිර ගැනීමට සමත්ව ඇත.” කොරෝනා නිසා ආර්ථිකය අඩාල වෙච්ච අපේ රටේ මේවගේ සුබදායී දේවල් වෙන එක ගැන අපි රටක් හැටියට සන්තෝෂ වෙන්න ඕනෙ.

අපේ රටේ සිද්ද කරපු සාර්ථක එන්නත්කරණය හින්ද සංචාරකයොත් එන්න පටන් අරගෙන. අඩාල වෙලා තිබ්බ හෝටල් කර්මාන්තයෙ පිබිදීමකුත් අපි දකිනව. මේ යන විදියට දිගටම ගියොත් රට සාමාන්‍ය තත්වයට පත්වෙයි කියන බලාපොරොත්තුව අපිට තියා ගන්න පුළුවන් වෙයි. අවුරුදු දෙකක් වින්ද දුක නැතිවෙලා රට තිබ්බ තත්වයට පත්වුණොත් 2022 දි අපිට ඔළුව උස්සගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව දැන් අපිට තියා ගන්න පුළුවන් කියල අපි බලාපොරොත්තු වෙනව.

උපුල් දේවප්‍රිය FACEBOOK

SPONSORED ARTICLE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක...

ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට පුරා ග්‍රාමීය...

මහාමාර්ග අංශයේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මහාමාර්ග අංශයේ ප්‍රමුඛ...

රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට තුළ මත්ද්‍රව්‍ය...