*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොමන්වෙල්ත් තරගාවලියට සුදුසුකම් ලබයි – චමරිගෙන් යළිත් සුපුරුදු දස්කම්

එංගලන්තයේදී පැවත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ක්‍රිකට් ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් විය. ඒ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඔවුන් සහභාගි වූ සියලු තරග ජයග්‍රහණය කරමිනි.

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේදී පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ස්කොට්ලන්තය, මැලේසියාව, කෙන්යාව යන කණ්ඩායම් සහභාගි විය.

ලීග් ක්‍රමයට ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ අද පැවති අවසන් තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 22 ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් සමත් වූවාය.

තරගාවලිය පුරා දක්ෂතා අතර සිටි නායක චමරි අතපත්තු පන්දු 28 කදී ලකුණු 48 ක් ලබා ගැනීමට සමත් වූ අතර ඇයගේ ඉනිමට හතරේ පහර 06 ක් හා හයේ පහර 03 ක් අන්තර්ගත විය. පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකාව ලකුණු 136 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 114 ක් පමණි. පන්දුවෙන්ද දස්කම් දැක්වූ චමරි සිය පන්දුවාර 04 අවසන් කළේ ලකුණු 17 කට කඩුලු 03 ක් බිඳ හෙළමිනි.

තරග 04 කදී ලකුණු 221 ක් වාර්තා කළ චමරි අතපත්තු තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වූ අතර කඩුලු 04 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩිකාව බවටද පත් වූවාය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ඇයට මෙම දස්කම් ප්‍රමාණවත් වූවාය.

මෙම වසරේ අගෝස්තු 27 වැනිදා එංගලන්තයේ බර්මින්හැම්හිදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආරම්භ වේ. මෙම තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වන්නේ 1998 ක්වාලාලම්පූර් තරගාවලියෙන් පසු පළමුවරටයි. එවර පිරිමි කණ්ඩායම් තරගාවලියට ඇතුළත් වූ අතර මෙවර කාන්තා කණ්ඩායම් පමණක් සහභාගි වේ.

20/20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 07 දිනාගෙන සිටින කණ්ඩායම් 07 මේ සඳහා සෘජුවම සුදුසුකම් ලබාගෙන සිටී. බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයට අයත් දූපත් රාජ්‍යයන් වෙන වෙනම මෙම තරගාවලියට සහභාගි වන බැවින් එම දූපත් සමූහය වෙනුවෙන් බාර්බඩොස් රාජ්‍යයට ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමි වේ. සුදුසකම් ලබා ගැනීමේ තරගාවලිය ජයගත් ශ්‍රී ලංකාවද සමගින් සමස්ත කණ්ඩායම් ප්‍රමාණය 08 කි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan