අධිකරණයට අපහාස කළේ යැයි රන්ජන්ට තවත් නඩුවක් !

0
756

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සඳහා වැරදිකරු වී මේ වනවිට සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලක් අද කැඳවා තිබිණි. මෙම පැමිණිල්ල අද කැඳවා තිබුණේ එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවල් මැද රන්ජන් රාමනායක මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර විනිසුරු මඩුල්ල තීරණය කළේ මාර්තු මස 09 වැනිදා මෙම පැමිණිල්ල යළි කැඳවීමටයි.

2018 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනුකර තිබිණි. එම පෙත්සම් විභාගය සඳහා පත්කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විවේචනය කරමින් රන්ජන් රාමනායක මහතා රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ අදහස් දැක්වීම හරහා අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පවසමින් රාමනායක මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here