අධිකරණයට අපහාස කළේ යැයි රන්ජන්ට තවත් නඩුවක් !

Date:

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සඳහා වැරදිකරු වී මේ වනවිට සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලක් අද කැඳවා තිබිණි. මෙම පැමිණිල්ල අද කැඳවා තිබුණේ එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවල් මැද රන්ජන් රාමනායක මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර විනිසුරු මඩුල්ල තීරණය කළේ මාර්තු මස 09 වැනිදා මෙම පැමිණිල්ල යළි කැඳවීමටයි.

2018 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනුකර තිබිණි. එම පෙත්සම් විභාගය සඳහා පත්කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විවේචනය කරමින් රන්ජන් රාමනායක මහතා රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ අදහස් දැක්වීම හරහා අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පවසමින් රාමනායක මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...