කිරිබාති කොවිඩ් අතවනයි

Date:

මාස 10 කට පසු සිය පළමු ජාත්‍යන්තර ගුවන් යානයේ මගීන් කොවිඩ් ධනාත්මක බව තහවුරු වීමෙන් පසු දූපත් රාජ්‍යයක් වන කිරිබාති දුපත (Kiribati)අගුලු දමා ඇත.

මෙම නව සෞඛ්‍ය ක්‍රියාමාර්ග යටතේ, මිනිසුන්ට නිවසේ රැඳී සිටින ලෙස දන්වා ඇති අතර සමාජ රැස්වීම් තහනම් කර ඇත.

ෆීජි සිට පැමිණි ගුවන් යානයේ සිටි පුද්ගලයින් 36 දෙනෙකු පමණ කොවිඩ් ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත.

පසුගිය සතිය වන තුරු, කිරිබටි වාර්තා කර ඇත්තේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු පමණි.

කිරිබති යනු ලෝකයේ හුදකලා වූ දූපත් වලින් එකකි. එය එහි ආසන්නතම මහාද්වීපය වන ඕස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් 4,800 (සැතපුම් 2,980) පමණ දුරින් පිහිටා ඇත.

අඟහරුවාදා, මගීන් 54 දෙනාගෙන් 36 දෙනෙකු කොවිඩ් ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව රජය තහවුරු කළේය.

සියලුම මගීන් මේ වන විට සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලබන බව රජයේ නිල ෆේස්බුක් හි සටහනක් තබමින් සඳහන් කළේය .

ගුවන් යානයේ සිටි සියලුම මගීන් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බව රජය පවසයි. කෙසේ වෙතත් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු ද කොවිඩ් ධනාත්මක බව තහවුරු වී ඇත .

නමුත් එම ස්ථානයේ සේවය නොකරන තවත් අයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව රජය පවසයි.

රට අගුලු දැමීම පසුගිය සෙනසුරාදා බලාත්මක වූ නමුත් එය කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න මෙතෙක් පැහැදිලි කර නොමැත. අත්‍යාවශ්‍ය සේවා සඳහා හැර ජනතාවට නිවෙස්වලින් පිටතට යාමට අවසර නැත.

ඔවුන්ට කඩවලින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගත හැකි අතර, එය පෙව 06:00 සිට ප.ව 14:00 දක්වා පමණි.

“අපට මෙම වෛරසයට එරෙහිව සටන් කළ හැකි එකම ක්‍රමය සම්පූර්ණ එන්නත් කිරීම” යැයි ජනාධිපති ටැනෙටි මාමාවුගේ සඳහන් කළේය.

“තමන් සහ පවුල් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ එන්නත් මාත්‍රාව සම්පූර්ණ කරන ලෙස“ මහජනතාවගෙන් රජය ඉල්ලා සිටී.

රට තුළ සිටින 120,000 ජනතාවගෙන් කොපමණ ප්‍රතිශතයක් සම්පූර්ණයෙන් එන්නත් කර ඇත්දැයි මෙතෙක්ගණන් බලා නොමැත.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...