ආර්ථික යුක්තිය ඉටු කීරීමට බල කරමින් අද (24) සිට සෞඛ්‍ය කාර්‍යමණ්ඩල විරෝධතා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): සෞඛ්‍ය කාර්‍යමණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කීරීමට බල කරමින් අද සිට විරෝධතා පවත්වන බවත්, පළමු විරෝධාතාවය අද දහවල් 12ට, අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී අරම්භ කරනා බවත්,සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ පිලිබඳ අදහස් දක්වන කුමුදේශ් මහතා,

” සත්කාර සේවාවට කිසිදු බාධාවක් වෙන්නේ නැතුව සිදු කරන මෙම උද්ඝෝෂණ වලට ප්‍රතිචාර දක්වන්න. පෙබරවාරි පළවෙනිදා ඉඳලා අපිට වර්ජනයකට යන්න ඉඩ දෙන්නේ නැතුව, සාධාරණ උත්තරයක් දෙන්න. වර්ජනය ගියාට පස්සේ රෝගීන් ගැන කථා කරලා බොරු කරන්න එපා. අපිට වර්ජනයකට යන්න කිසිම වුවමණාවක් නෑ. අපිට එහෙම කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. අපිව මේ තත්වයට පත් කලේ සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ ගැටලුවේ සැබෑ තත්වය කියන්නේ නැතුව ජනාධිපතිවරයාව සහ අමාත්‍යමණ්ඩලය නොමග යවපු සෞඛ්‍ය අමාත්‍යාංශය වංචනික අදහසින් පාළණය කරන වෛද්‍ය නිලධාරීන්.

වෛද්‍ය වෘත්තිකයින් දීමනා සටන දිනනතුරු, වෙන කිසිදු සෞඛ්‍ය වෘත්තිකයෙක් ඊට බාධා කලේ නෑ. නමුත් ඔවුන් ලැජ්ජාසහගත විදිහට අපිට බාධා කරනවා.

සමහර වෛද්‍ය සංගම් ආණ්ඩුවේ ගොඩේ ඉඳගෙන අපිට එරෙහිව ප්‍රසිද්දිධියේ වැඩ කරන්න ලැජ්ජා විය යුතුයි. ඔවුන් ජයග්‍රණය කරන තුරු ඉතාම ඉවසිලිවන්තව වෘත්තීය සමිති සදාචාරය රැකපු අපිට, තමන් එක්ක එක කණ්ඩායමේ ඉන්න සහෝදර කාර්‍යමණ්ඩලයේ ඉල්ලීමට ප්‍රසිද්ධියේ බාධා කරමින්, වෘත්තීය සමිති සදාචාරය කතා කරන්න බැහැ. DAT දීමනාව පිළිබඳව තොරතුරු සැපයීමේදී සහ චක්‍රලේක නිකුත් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වංචාසහගත අදහසකින් වැඩ කරලා තියනවා”


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...