ධනුෂ්කොඩි – තලෛමන්නාරම යා කරමින් මුහුදු පාලමක්! යෝජනාව කඩිනම් කිරීමට ඉන්දීය රජය සූදානමින්!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 24,
කොළඹ (LNW): තලෛමන්නාරම හරහා තම හමුදාව ශ්‍රී ලංකාවට ගෙන යාමට පාලමක් ඉදිකරන ලෙස රාම් දෙවියන් හනුමාන් ට අණ කළ ස්ථානය යැයි සැලකෙන ඉන්දියාවේ ධනුෂ්කොඩි යා කරමින් මුහුද හරහා පාලමක් ඉදිකිරීමේ යෝජනාව කඩිනම් කිරීමට ඉන්දීය රජය සූදානම් වේ.

කිලෝමීටර් 23ක මෙම පාලම ඉදිකිරීම සඳහා රජය නුදුරේදීම අධ්‍යයනයක් සිදුකිරීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග පවසයි.

පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දිල්ලි සංචාරයේදී ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් වෙත ගොඩබිම් ප්‍රවේශය සංවර්ධනය කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

ඉන් අනතුරුව, විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) මෙම ගැටලුව සම්බන්ධයෙන් අනෙකුත් අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

ඒ පිළිබඳ සැලැස්මක් සකස් කිරීමට පෙර පාලම සඳහා යම් අධ්‍යනයක් සිදු කිරීමට අවශ්‍ය බව එහි සැලසුම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දන්වා ඇති බව ආරංචි මාර්ග පවසයි.

ජනපතිගේ සංචාරයේදී; කිරි, තෙල්, විදුලිබල, නාවික ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවලට අදාළ ගැටලු රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම මුහුදු පාලමේ අවශ්‍යතාවය දශකයකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූවක් වන අතර සැලකිය යුතු වර්ධනයක් ලෙස, ඉන්දියාවේ ධනුෂ්කොඩි සහ ශ්‍රී ලංකාවේ තලෛමන්නාරම යා කරන මුහුදු පාලමක් ඉදිකිරීමේ යෝජනාව ඉන්දීය රජය සලකා බලමින් සිටී.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...