සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 25 ,(LNW)කොළඹ :
වර්ථමානයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කේෂ්ත්‍රෙය් ඇති වී තිබෙන පිබිදීමට සහ උනන්දුවට සහය වෙමින් ආසියානු බැඩ්මින්ටන් සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවත්වෙන ජාත්‍යන්තර තරගාවලි දෙකක් වෙනුවෙන් ඩොලර් 17500 ක් සහ ඩොලර් 5000 ත්‍යාග මුදල් පවා ගෙවීමේ එකඟතාවයක් පළ කර ඇති බව සැලවේ.එම තරගාවලි දෙක සඳහා සති දෙකකට නොඅඩු කාලයක් සිය ගණන් විදේශිකයන් ශ්‍රී ලංකා ආර්ථිකයට අවශ්‍යය විදේශ මුදල් එකතු කර දෙමින් මෙරට නැවතී සිටින අතර ඒ අතර ඇමෙරිකා එක්සත් ජනපදය,ජපානය,ඔස්ට්‍රේලියාව,ඩෙන්මාර්කය,මැලේසියාව සහ කැනඩාව වැනි ඉහළ ආර්ථික ශක්තියක් ඇති රටවල් ගණනාවක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද දකින්නට ඇත.
එහෙත් මෙවැනි රටට හිතැති තරගාවලියක් වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ලබා ගැනිමේදී යම් කිසි වට්ටමක් ලබා දීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් කර ඇති ඉල්ලීම්වලට මේ වන විටත් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව දැන ගන්නට ඇත.විෂයේ අලුත් අමාත්‍යවරුන් සමඟ වැඩ කරන බොහෝ නිලධාරීන් පරණය.ඔවුන් මේ වන විටත් අමාත්‍යවරුන්ව තමන්ගේ හිතවත්කම් මත පරණ වැරදි අමතක කර අලුත් ලෝගු පොරවා හොඳ මිනිසුන් කර ජාත්‍යන්තර බලපෑම් එතැයි බිය වද්දමින් රාජපක්ෂ රූකඩ ක්‍රීඩාවට කැඳවන්නට පිඹුරුපත් සකසමින් සිටිය ද මෙවැනි තරගාවලි සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම් සිඳුවන ආකාරයේ ඉතිහාසය සහ සම්ප්‍රදායන් අමාත්‍යවරුන්ට හදුන්වා දෙන්නේ නැත.එසේම සුගතදාස ක්‍රීඩා සංකීර්ණ ප්‍රධානීන්ට අමාත්‍යංශ මට්ටමෙන්,සංවර්ධන දෙපාර්තමේන්තු මට්ටමෙන් අවශ්‍යය මාර්ගෝපදේශනය ලබා දෙන බවක් පෙනෙන්නේද නැත.
ක්‍රීඩාව සමඟ ආණ්ඩුවේ ඇති දේශපාලන නායකත්වය සම්බන්ධයෙන් කළකිරීමක් සහ දුරස් කිරීමක් සිඳු කරන අතරේම පරණ ලිපි ගොනු ඔස්සේ පරීක්ෂණ කළ යුතු යැයි අමාත්‍යවරයාම සොයා ගත් කරුණු ඔස්සේ අදහස් දක්වන පුද්ගලයින්,වැරදි සෝදා පුටුවලට ගෙන ඒමට කටයුතු කරන්නට පිඹුරුපත් සකසන බව මේ වන විට පැහැදිළි වෙමින් ඇත.ක්‍රීඩාවට සම්බන්ධ චෝදනා නිසා ඉවත් කළ ඔලිම්පික් කමිටු ලේකම් සමඟ සිටින චෝදනාලාභීන් පරීක්ෂණ කරන අතරතුර වෙනත් තැනක රජයේ වගකීම්වලට පත් කිරීමේදී,ඔවුන්ගේ වැරදි ගැන පරීක්ෂණ මණ්ඩලවලට සාක්ෂි ලබා දුන් නිලධාරීන්ම ක්‍රීඩාවේ පරිපාලනයේ ඉහළින්ම අමාත්‍යවරුන්ට තීරණ ගැනීමට රුකුල් දෙමින් සිටීම මීට උදාහරණයක්ය.
ආණ්ඩුව මේ මොහොතේ අපහසුවට පත් කරන සිඳුවීම් ඇති වන්නේ මාලිමාව සමඟ පෙර වැරදි වසා ගැනීමේ උවමනාවෙන් ශුද්ධවන්ත වේශයෙන් වේදිකාවට ගොඩ වූ මිනිසුන් පිනවන්නට යාමේදීය.ඇතැම් විට මේ සබදතා සහ වගකීම් හිමිවීම්වලට මාලිමා රජය පත් කිරීමට විවිධ අයුරෙන් දායක වූ හමුදාමය නිල ඇඳුම්වලට මෙන්ම ආගමික නිල ඇඳුම්වලට සම්බන්ධ අයගේ ද වැරදි මඟ පෙන්වීම් නිසා සිඳුවෙමින් තිබෙන බව පැහැදිළිය.එම තත්ත්වයේ පීඩාව සහ බලපෑම මේ දක්වා නිවැරදිම තීරණය නිවැරදිම ආකාරයට ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බව පෙන් වූ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්ම පළ වුණේ රගර් නියෝජිතයින් හමු වූ අවස්ථාවේය.
හොරකම් කරාම අපි සමග එකතු වුණාම හොරකම් කරන්නෙ නැහැ වැනි අදහසක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පවසන්නේ ඔහුට උපදෙස් දෙන පිරිස හරහා රාජපක්ෂකරණය වූ ක්‍රීඩාවේ දැවන්ත චරිත යළි සෝදා වෙනත් මුහුණුවරකින් ක්‍රීඩාවට හඳුන්වා දෙන්නට ලැබෙමින් තිබෙන උපදෙස් මත විය යුතුය.නැතිනම් ඒවා බලපෑම් සේ පැමිණෙනවාද විය හැකිය.මේ ව්‍යහුය මත පවත්වන්නට නියමිත,රටේ බැඩිමින්ටන් ක්‍රීඩාවේ නියැලෙන බොහෝ පිරිසකගේ අනාගතය වෙනුවෙන් වෘත්තීයමය දායකත්වයේ වටිනාකම ඉහළ නැංවෙන මෙම ජාත්‍යන්තර තරගාවලි හරහා රටේ ක්‍රීඩාවට සහ ආර්ථිකයට ලැබෙන වටිනාකම් කිහිපාකාරයකින් දැක්විය හැකිය.
ජාත්‍යන්තර තරගාවලිවල ස්වභාවය සහ වාසිය
මෙම තරගාවලි සඳහා ප්‍රධාන දායකත්වය දක්වන්නේ ලීනින්ග් හරහාම ඉපදෙන 100 න්ම සමාගමය.ඒ නිසාම පළමු ජාත්‍යන්තර තරගාවලිය 100 ජාත්‍යන්තර අභියෝගතා සූරතාවලිය ලෙස, පෙබරවාරි 25 සිට මාර්තු 02 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන්නේය.ඒ සඳහා අයදුම් පත් භාර ගැනීම ජනවාරි 28 අවසන් වීමට තිබියදී මීට දෙන දෙකකට කළින් විමසා බලන විටත් ශ්‍රී ලංකාවද ඇතුළත්ව රටවල් 23 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 409 ක් ඉදිරිපත්ව සිටියහ.
ඉන්දියාව,තායිලන්තය,කැනඩාව,චීන තායිපේ,මැලේසියාව,මියන්මාරය,ඇමෙරිකාව,ඔස්ට්‍රේලියාව,වෙනිසුවේලාව,ජපානය,පිලිපීනය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,ඉන්දුනීසියාව,බංගලාදේශය,සිංගප්පූරුව,වියට්නාමය,මාල දිවයින,සයිප්‍රසය,සැම්බියාව,ඩෙන්මාර්ක්,මුරුසිය සහ ඉරානය ශ්‍රී ලංකාව ද සහිතව පළමු තරගාවලිය සඳහා ක්‍රීඩකයින් ඉදිරිපත් කර ඇත.මේ රටවල් ගණන වෙනස් නොවුණත් මුළු ක්‍රීඩක සංඛ්‍යාව ජනවාරි 28 වන දා වන විට තව දුරටත් වැඩි වීමට ඉඩ ඇත.
ඩොලර් 17500 ක ත්‍යාග මුදලක් හිමිවන මෙම තරගාවලිය සඳහා සහභාගි වන ඔස්ට්‍රේලියාව,වෙනිසුවේලාව,ජපානය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සිංගප්පූරුව සහ සයිප්‍රසය ඩොලර් 5000 ක ත්‍යාග මුදල සහිත 100 ජාත්‍යන්තර සූරතාවලියට තවමත් ඉදිරිපත් වී නැත.එහෙත් එයට ක්‍රීඩකයින්ට ඉදිරිපත්වීමට සහ කුමන රටකින් කුමන ප්‍රමාණයක් ඉදිරිපත් වන්නේ ද යන්න කීමට තව කාලය තිබිය යුතුය.මන්ද එම තරගාවලිය පැවත්වෙන්නේ මාර්තු 3 සිට 8 දක්වා ය.එයට ද විශාල තරගකරුවන් පිරිසක් එක් වනු ඇත.
මේ තරගාවලි සඳහා එන පිරිස් මේ රටට රැඟෙන එන විදේශ මුදල් ප්‍රමාණය රටේ ආර්ථිකයට යහපත්ය.තරගාවලි දෙකටම සහභාගි වීමට පැමිණෙන අයෙකු පළමු තරගාවලිය පරාජය වුව ද යළි හැරී ගොස් එන්නේ නැත.ඒ වෙනුවට ඉදිරි තරග පැමිණෙන තෙක් ඔවුන් මෙරට රැදී සිටීමෙන් සහ ක්‍රීඩාවට බාධාවක් නොවන සුළු සංචාරයන්ගෙන් සහ සාප්පු සවාරිවලින් මෙරටට උපයා දෙන මුදලද සැළකිල්ලට ගත යුතුය.
එසේම මේ තරගාවලියක් සඳහා ආසියානු තරග තීරකයෙක් යොමු කරන අතර විදේශ විනිසුරුවන් දෙදෙනෙක් ද සහභාගි වනු ඇත.තරග පිට හතරක පැවත්වෙන තරග සඳහා විනිසුරුවන් ලෙස ඉතිරි කොටස පියවන්නේ ශ්‍රී ලංකා විනිසුරුවන්ය.එසේම සීමා නිරීක්ෂණය කරන පැති විනිසුරුවන් ලෙස සහභාගි වන සියලු දෙනාම ලාංකිකය. මෙහිදී විනිසුරු වෘත්තියේ යෙදෙන්නන්නට ද ලෝකයේ අවධානය දිනා ගැනීමට ඉඩ ඇත.විශාල අත්දැකීමක් මේ සියලු දෙනාගේ ක්‍රීඩා වෘත්තිමය ජීවිතයට එකතු වෙන රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වැදගත්ම කොටසක් ලෙස එය හැදින්විය හැකිය.
එසේම මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වත්මන් බැඩිමින්ටන් පරිපාලනය යටතේ ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වන පිරිස වැඩි වුව ද,ජාත්‍යන්තර තරගාවලිවල දස්කම් දැක්වීමේ අනාගත බලාපොරොත්තු සපිරි බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග වැදිමේ හෝ සමීපව තරගාවලයට සම්බන්ධ වීමෙන් ජාත්‍යන්තර තරගාවලියක පහස සහ අත්දැකීම ගන්නට මේ අවස්ථාව අතිශයින් වැදගත්ය.
අමාත්‍යංශයට කළ හැකි මැදිහත්වීම
මේ සඳහා භාවිතා කරන්නේ අමාත්‍යංශයේ දෙපළක්ය.එවැනි අවස්ථාවක රටේ ක්‍රීඩාවට ක්‍රීඩා ආර්ථික වැඩ සටහනකට උපකාර කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් රුකුලක් ලැබීම වැදගත්ය.සම්පූර්ණ මුදලින් එය නිදහස් කර දිය නොහැකිනම් අඩුම තරමේ එම මුදලින් අඩකට හෝ ක්‍රීඩා පිටි ලබා දිය හැකිනම් වැදගත්ය.
ඉකුත් වසරේ මේ තරගාවලිය පැවත් වුණේ ගාල්ල දඩල්ලේදී ය.එහිදී එම ගෘහස්ථ ක්‍රීඩා පිටිය නොමිලේම ලබා දෙන්නට කටයුුතු කර තිබුණේය.මේවා වැරදි ලෙස ඉවත් කළ යුතු ඒවා නොවේය.නිලවරණවලට ගහගෙන උසාවි ගාණේ රස්තියාදු වී බලය අල්ලා ගන්නා සංගම් සම්මේලන විශාල ප්‍රමාණයක් ඉනික්බිතිව සියල්ල අමාත්‍යංශයෙන් අපේක්ෂා කරන්නේය.හරියට අමාත්‍යංශය පැත්තට කට හරවා සකස් කළ පිං කැට මෙන්ය.ඒ අය කරන්නේ බලය මුවා කරගෙන අමාත්‍යංශයෙන් සංචාර යාම වැනි වැඩය.එහෙත් බැඩ්මින්ටන් මේ කාලය තුළ කළ වැඩ කොටසට සාපේක්ෂව ගත් විට වැඩක් කර ඇති,අමාත්‍යංශයට අනවශ්‍යය බරක් නොඳුන් සංගමයක්ය.
ඒ කරුණු සැළකිල්ලට ගෙන පැවත්වෙන ජාත්‍යන්තර තරගාවලි දෙක හරහා මේ රටේ ක්‍රීඩාවට,රටේ ආර්ථිකයට සහ දේශපාලනික වශයෙන් සහ සමාජීය වශයෙන් පැමිණ තරග කළ හැකි රටක් ලෙස රටවල් විසි ගණනක සහතික ලැබෙන මොහොතට ක්‍රීඩා අමාත්‍යංශය රට වෙනුවෙන් අත ගැසිය යුතු පිදුමට සුදුසු මල් වට්ටියක් බව අපේ අදහසය. ඒ නිසා බැඩ්මින්ටන් සංගමයෙන් ඉල්ලූ ඉල්ලීම ඉදිරියේ ගල් නොවී සුමටව,සුනම්‍ය වී, රටේ ක්‍රීඩාවට පමණක් නොවන සමාජ,ආර්ථික දේශපාලන ව්‍යහුයට වැදගත් තරගාවලිය සාර්ථක කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශයද එකතු වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.