තරගාවලිය සම වෙයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ එංගලන්තය 1-1 ක් ලෙස තරගාවලිය සම කළ අතර එළැඹෙන 27 වන දින තෙක් තරගාවලියේ ජය පරාජය කාට හිමි වේදැයි බලා සිටින්නට සිඳුවන තත්ත්වයක් ඇති කළේය.


මෙම තරගයේදී කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දැඩි පීඩනයකට මුුහුණ දෙමින් ක්‍රීඩා කළ බව පැහැදිළි විය.සියල්ලම ලකුණු 219 ට දැවී යද්දී ඔවුන්ගේ ඉණිමට එල්ල වී තිබුණේ හතරේ පහර 17 ක් සහ හයේ පහර එකක් පමණි.එහෙත් හයේ හෝ හතරේ පහර අඩුවිමට වඩා ගැටළුකාරී තත්ත්වය වූයේ අධික නිලකුණු පන්දු ප්‍රමාණයක් වාර්තා වීමය.එක ලකුණ බැඟින් රැස් කිරීමේ අවස්ථාව ඔවුන් කෙරෙන් මඟ හැරී තිබිණ.


ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 64 න් ලකුණු 45 ක් රැස් කළ නායක චරිත් අසලංකය.පන්දු 59 න් ලකුණු 40 ක් රැස් කරන්නට ධනංජය ද සිල්වාට හැකි විය.අප එංගලන්ත කණ්ඩායමේ හිසරදයක් බවට පත්වන පන්දු යවන්නා බවට අනතුරු හඟවා තිබූ අදීල් රෂීඩ් මේ තරගයේදිත් සිය පන්දු වාර 10 තුළ ලබා දුන්නේ ලකුණු 34 ක් පමණි.එපමණකින් නොනැවතී ඔහු කඩුලු දෙකක්ද දවා ගනිමින් ශ්‍රී ලංකා තණතීරුවල දඟ කැවෙන සුලු බවින් හොඳින්ම ප්‍රයෝජන ගත්තේය.


පිළිතුරු ඉණිමට පිවිසි මොහොතේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් පසුවට ඇතිවන පීඩනය ගැන සිතමින් වේගයෙන් පන්දුවට පහර දීමට පළමු කඩුල්ල දැවී යාමෙන් ඉනික්බිති පිටිට පිවිසි ජෝ රූට් මෙන්ම බෙන් ඩකට් ද උත්සාහයක නියැලිණ.ඔවුන් දෙවන කඩුල්ලට ලකුණු 68 ක් එක් කළේය.එවැනි තවත් විශිෂ්ඨ සබදතාවයක් සඳහා රූට් සහ නායක හැරී බෘක් ද ක්‍රියා කළේය.ඒ සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සබඳතාවයක් පවත්වමින්ය.ශ්‍රී ලංකා ඉණිමේ එවැනි සබඳතා නොදුටුවේය.සබඳතා කිහිපයකට දායකවන අතරේ පහසුවෙන් හොඳ ඉණිමක් ගොඩ නඟන රූට් පන්නයේ පිතිකරුවෙකු ශ්‍රී ලංකා ඉණිමේදි මතු නොවුණේය.


ධනංජය ලකුණු 37 ට ත් (පන්දු වාර් 7 ක් යවා) ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු වාර් 10 තුළ ලකුණු 45 ට ත් කඩුලු 2 බැඟීන් දවා ගත්තේය.එහෙත් ඒවා සුවිශාල බලපෑමක් ඇති කරන්නට සමත් නොවිණ.එවැනිම ආකාරයේ පීඩනයක් මතු කරන්නට තරමේ ලකුණු පූවරුවක් නොතිබීමද ඊට හේතු වූ අතර එංගලන්තය කඩුලු 5 ට ලකුණු 223 ක් දක්වා සිය ලකුණු පූවරුව ඔසවා තබමින් ජයග්‍රහණය සනාත කර ගත්තේ පන්දු 22 ක් ඉතිරිව තිබියදී ය.
ලකුණු සටහනට පහතින් පිවිසිය හැකිය.
https://bit.ly/45t2oqL

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බූමරංග කුලරත්න ….

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ට තියෙන චෝදනා දැක්කම හිනා යනවා. පත්වීම ගන්න...

IMF ප්‍රොජෙක්ට් එකට ලෙනින් මොකටද ?

ලෙනින්වාදය කියන්නෙ බොහෝම සද්භාවයෙන් පටන් අරන් නමුත් ප්‍රායෝගික තලයේදී...

ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට...

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...