මේ අන්ධකාරය මැද එකම රිදී රේඛාව සමගි ජන බලවේගයයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

0
348

වර්තමාන ආණ්ඩුව අද මුළු රටම අඳුරේ හෙළා ඇති බවත්, ඉතිරි කර ඇත්තේ අපේක්ෂා භංගවූ රටක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දවසින් දවස ඉහළ යන බඩු මිලත් රට අගාධයකට තල්ලු කරමින් ඉහළට යන උද්ධමනයත් හේතුකොටගෙන මේ රටේ ජනතාව බලවත් පීඩාවකට ලක් වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

භාණ්ඩ මිල අඩු කරන්නැයි ඇමතිවරයාට කියනවිට, බඩු මිල අඩු කරන හැටි තමන්ට කියා දෙන්නයි අදාල ඇමතිවරයා පෙරළා ප්‍රශ්නය අසන්නාගෙන් විමසන තැනට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, රාජ්‍ය පාලනය සහමුලින්ම විහිළුවක් බවට මේ ඇමතිවරුන් විසින් පත්කොට ඇතැයි ද පෙන්වා දුන්නේය.

මේ යන අන්ධකාර ගමනෙන් රට ගොඩ ගතහැකි එකම බලවේගය සමගි ජනබලවේගය පමණක් බව පැවසූ විපක්ෂ නායකවරයා අන්ධකාරය මැද පෑයූ එකම රිදී රේඛාව සමගි ජන බලවේගය යැයි ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අම්බලන්තොට මැලේකොළනිය උච්චවාලිකා විහාරස්ථානයේ පෙරේදා (23) පැවැති උඳුවප් මහා පූජෝත්සවයට සහභාගී වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here