බොරැල්ල බෝම්බය : ආණ්ඩුවටවත් පොලිසියටවත් ලිස්සලා යන්න අපි ඉඩතියන්නේ නෑ – කාදිනල් හිමි (VIDEO)

Date:

බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියෙන් ලිස්සා යෑමට ආණ්ඩුවට හෝ පොලිසියට ඉඩ නොතබන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අවධාරණය කරයි.

”මේ සිද්ධියේ ඇත්ත නැත්ත සම්පූර්ණයෙන්ම එළිදරව් කරගන්න කල්ම අපි අරගලයක් කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව. මොකද මේ ආණ්ඩුවයි මේ පොලිසියයි මේ කරන නාටකය අපට පැහැදිලිවම පේනවා. ඒක නිසා තමයි මම අපේ පියතුමන්ලාට කිව්වෙ, එදා උදේ වරුවේ CCTV දර්ශන බලන්න කියලා. මොකද එතකොට අපට මේ බෝම්බය වෙන කවුරුහරි ගෙනත් තිබ්බාද කියන එක හොයාගන්න පුළුවන් වෙනවානෙ. ඉතින් ඒ අනුව අපට හොයාගන්න පුළුවන් වුණා. අනිත් එක අර ”මුනි” කියන එක්කෙනාගෙ ඇඟට තියලා මේකෙන් අත හෝදාගන්න පොලිසිය උත්සාහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ප්‍රකාශයෙදි කිව්වෙ. ඒ වගේ දේවල් කරන්න අපට ඉඩදෙන්න බැහැ, සාධාරණ හදවතක් තියෙන ඕනෑම මනුස්සයෙකුට.

ඒ නිසා අපි මේ කාරණාවෙන් එහෙම ලිස්සලා යන්න දෙන්නෙ නැහැ ආණ්ඩුවටවත් පොලිසියටවත්. අපට උසාවිය තියෙනවා, අපට උසාවිය ගැන විශ්වාසයි. එනිසා අපි මේ කරපු වැරැද්ද, ඒ මනුස්සයාට වෙච්ච වැරැද්ද හරිගස්සන්න උසාවියෙදී කටයුතු කරනවා. මොකද පොලිසිය භාර ඇමති එදා වැඩිවෙලාවක් යන්න ඉස්සෙල්ලා කෙළින්ම පැනලා කියපු දේ තමයි මේක මේ මනුස්සයා කරපු වැඩක් කියන එක. අනිත් එක මේක විතරක් නෙවෙයි, අර කොහෙද ඉස්පිරිතාලෙ තියාපු බෝම්බෙත් මේ මනුස්සයාගෙ ඇඟේ පැටෙව්වා. ඉතින් මේවා මේ පොලිසිය ගහලා, මිනිස්සුන්ට තර්ජනය කරලා, ප්‍රකාශ අරගෙන කරන්න හදන දේ අපි පිළිගන්නෙ නෑ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා අපි මේ මනුස්සයාට සහ ඒ අනිත් තුන් දෙනාටම වෙච්ච අසාධාරණය ගැන අපි ඉදිරිපත් වෙලා කටයුතු කරනවා”

කාදිනල් හිමියන් මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සහ බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...