දින 100 පසු කළ ජකර්තා – බැන්ඩුං අධිවේගී දුම්රිය මාර්ගය

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජකර්තා – බැන්ඩුං අධිවේගී දුම්රිය මාර්ගය ( Jakarta-Bandung High-speed Railway ) දින 100 සපුරයි.

සීමාසහිත චීන දුම්රිය මාර්ග ජාත්‍යන්තර සමාගම කියාසිටින්නේ, ඊයේ (24) වන විට ගෙවුණු දින 100 ක කාලය තුළ මගීන් 14 ලක්ෂ 50 000 ක් එහි ගමන් කර ඇති අතර, මගී ප්‍රවාහනය තවදුරටත් ඉහළ ප්‍රමිතියක පවතින බවයි.

ඉන්දුනීසියාවේ සමුද්‍ර හා ආයෝජන සම්බන්ධීකරණ නියෝජ්‍ය අමාත්‍ය Septian Hario Seto, චීනයේ ෂිංහුවා පුවත් ඒජන්සිය සමග ඊයේ (24)  පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී පෙන්වා දුන්නේ, ජකර්තා – බැන්ඩුං අධිවේගී දුම්රිය නගර දෙක අතර ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් ඇති කළ බවයි. චීනය සමඟ සහයෝගීතා තවදුරටත් පුළුල් කිරීමට ඉන්දුනීසියාව බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය. මෙම අධිවේගී දුම්රිය සහයෝගීතා තුළින් ඉන්දුනීසියාවට බොහෝ ප්‍රතිලාභ හිමිව තිබේ. රටට දියුණු තාක්ෂණය හඳුන්වා දීම පමණක් නොව, දැනුම හුවමාරු කිරීමෙන් මානව ප්‍රාග්ධනය ද එහිදී වැඩිදියුණු කෙරුණු බව, Septian Hario Seto මහතා කියා සිටී.

මෙම අධිවේගී දුම්රිය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සහ සුප්‍රසිද්ධ බැන්ඩුං සංචාරක නගරය සම්බන්ධ කරන අතර, උපරිම වේගය පැයට කිලෝමීටර් 350 කි. නගර දෙක අතර පැවති පැය 3 ක ගමන් කාලය විනාඩි 46 ක් දක්වා අඩු කර තිබීම විශේෂත්වයක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රෆා දේශසීමාව ගැන ඊශ්‍රායලයේ තීරණය!

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා...

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...