Home පුවත් ක්‍රී​ඩා නදීශා එංගලන්තයේදී කේවල සූරතාවයක් සමඟ මිශ්‍ර අනු සූරතාවයක් දිනයි

නදීශා එංගලන්තයේදී කේවල සූරතාවයක් සමඟ මිශ්‍ර අනු සූරතාවයක් දිනයි

නිශ්මං රණසිංහ

YONEX All England Masters Badminton Championships 2026 තරගාවලිය පැවත්වුණේ 108 වන වතාවටය.හර්ට්ෆෝර්ඩ්ෂයර් ක්‍රීඩා ගම්මානය ආශ්‍රීත හැවිල්ලෑන්ඩ් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගෙන පැවති මෙවර තරගාවලියේදී නදීශා ගයත්‍රි අවුරුදු 40 ට ඉහළ කාණ්ඩයේ කාන්තා ඒකල සූරතාවය සහ මිශ්‍ර අනු සූරතාවය දිනා ගන්නට සමත් වුණා.නදීශා එහිදී කාන්තා අවසාන තරගයේදී එංගලන්තයේ ජෝ කෙපෙස්ටේක් ලකුණු 21 -11 සහ 21 – 11 ලෙස පරාජය කරමින් එම සූරතාවය දිනා ගත්තා.ඇය තරගාවලිය ආශ්‍රීත ශ්‍රේණි ගැන්වීම්වල අංත එකට සිටි ජොඇන්නා ඩික්ස් ලකුණු 21 -10 සහ 21 – 13 ක් ලෙස පරාජය කිරීමට සමත්වීමද නදීශාගේ මේ ජයග්‍රහණය කරා යන ගමණේ දී කැපී පෙණුනා.


ඇය මිශ්‍ර 40 ට වැඩි අනූ සූරතාවයට සම්බන්ධ කර ගත්තේ එංගලන්තය නියෝජනය කරමින් තරග වැදුණු රොහාන් කපූර් වූ අතර ඔහු සමඟ එක්ව අනූ සූරතාවය දිනා ගැනීමේදී අවසාන තරගයේදී ඩේව්ඩ් රේ සහ හීලන් ෆ්‍රෙෂර් යුගලයට වට 2-0 ක් ලෙස පරාජයට පත් වුණා.එහි ලකුණු තත්ත්වය දැක් වූණේ ලකුණු 21 – 14 සහ 21 – 12 ක් ලෙසයි.

මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ වැඩිම වාර ගණනක් ජාතික අනු සූරයා ලෙස කිරුළු පැළද සිටින දිනුක් කරුණාරත්න වයස 35 ට වැඩි කාණ්ඩයේ සූරතාවය සහ එම වයස් කාණ්ඩයේ යුගල අනු සූරතාවය (වික්ටර් යෝක් සමඟ) දිනා ගැනීමද කැපී පෙණුනා.