පරීක්ෂා නොකර මුදාහැරිය කන්ටේනර් අතරේ ආණ්ඩුවේ ලොක්කෙකුගේ කන්ටේනරුත් තිබුණාද ? – නලින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන කටයුතු ප්‍රමාද වීමෙන් තදබදයක් ඇතිව තිබෙද්දී පරීක්ෂාවකින් තොරව මුදාහරින ලද බහාලුම් 323 අතරේ කිසියම් සුවිශේෂී පුද්ගලයකුගේ බහාලුම් ද තිබුණේදැයි ප්‍රශ්නයක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

“මේ පිටුපස මොනවාහරි ජාවාරමක් තියෙනවද ? කාගේහරි සුවිශේෂී පුද්ගලයෙකුගේ කන්ටේනර් මෙතන ආවාද ? ඔය ආණ්ඩුකාරවරයාගෙ කන්ටේනර් තිබුණා කියනවා, එක එක කතා කියනවා, අපි දන්නෙ නෑ. දැන් මේ ගැන හරි පරීක්ෂණයක් පවත්වනවාද ? මේ ආණ්ඩුවට හරියට වැඩක් කරගන්න බෑ. පැය 48න් වැඩ කරනවා කියලා ආපු ආණ්ඩුවනෙ”

නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...