ජානකී සිරිවර්ධනට තවදුරටත් විදෙස් ගමන් තහනම් …

Date:

ජානකී සිරිවර්ධනට එරෙහිව පවරා තිබූ නඩු තුනක් මෝසම් ඉදිරිපත් කරමින් ඊයේ (25) දින කැඳවා තිබූ අතර, එහිදී ඈ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාවට ඉන්දියාවට ගොස් පැමිණීමට අවසර ලබාදෙන ලෙසත් පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසත් ය.

කෙසේවෙතත්, මෙම ඉල්ලීමට ඉල්ලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා දැඩි විරුද්ධත්වය පා ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙම ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජානකී සිරිවර්ධන යනු, අනෙකුත් බැංකු සහ මූල්‍ය ආයතන අභිබවා යමින් විශාල පොළී ප්‍රතිශතයක් ලබා දෙන බවට පොරොන්දු වී ව්‍යාපාරිකයන්, දේශපාලකයන් ඇතුළු පිරිසක් රවටා රුපියල් කෝටි සිය ගණනක් වංචා කිරීමට තිළිණි පියුමාලි නමැත්තියට ඒ සඳහා උදවු කිරීම ඇතුළු කරුණු කිහිපයකට අදාළව චෝදනා එල්ල වී ඇති සමාගමක අධ්‍යක්‍ෂවරියකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...

ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා...