ජානකී සිරිවර්ධනට තවදුරටත් විදෙස් ගමන් තහනම් …

ජානකී සිරිවර්ධනට එරෙහිව පවරා තිබූ නඩු තුනක් මෝසම් ඉදිරිපත් කරමින් ඊයේ (25) දින කැඳවා තිබූ අතර, එහිදී ඈ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාවට ඉන්දියාවට ගොස් පැමිණීමට අවසර ලබාදෙන ලෙසත් පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසත් ය.

කෙසේවෙතත්, මෙම ඉල්ලීමට ඉල්ලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා දැඩි විරුද්ධත්වය පා ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙම ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජානකී සිරිවර්ධන යනු, අනෙකුත් බැංකු සහ මූල්‍ය ආයතන අභිබවා යමින් විශාල පොළී ප්‍රතිශතයක් ලබා දෙන බවට පොරොන්දු වී ව්‍යාපාරිකයන්, දේශපාලකයන් ඇතුළු පිරිසක් රවටා රුපියල් කෝටි සිය ගණනක් වංචා කිරීමට තිළිණි පියුමාලි නමැත්තියට ඒ සඳහා උදවු කිරීම ඇතුළු කරුණු කිහිපයකට අදාළව චෝදනා එල්ල වී ඇති සමාගමක අධ්‍යක්‍ෂවරියකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...