ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීනයේ වයෝවෘද්ධ කාන්තාවක් ඇතුළු 9 දෙනෙකු ඝාතනය කරයි

Date:

බටහිර ඉවුරේ වාඩිලාගෙන සිටින ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීනයේ ජෙනීන්හි කරන ලද හදිසි වැටලීමකදී වයෝවෘද්ධ කාන්තාවක් ඇතුළු පලස්තීනුවන් 9 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ බ්‍රහස්පතින්දා ජෙනින් මහජන රෝහලේ විසින් නිවේදනය කර ඇති කරුණුවලට අනුව තවත් 20 දෙනෙකු ජීව උණ්ඩවලින් තුවාල ලබා ඇති බවත්, තුවාල ලැබූවන් අතරින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්ය.

ඊශ්‍රායේ දේශපාලන විශ්ලේෂකයෙකු වන ඇලීෆ් සබ්බාග් ජෙනින් හි මෙහෙයුම සංඥාවක් ලෙස වටහා ගත යුතු බවත් එය එළඹෙන විශාල ඊශ්‍රායල මෙහෙයුමක පළමු වෙඩි තැබීමක් වනු ඇති බවත් නිවේදනය කර තිබිණි. ඊට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරය පාලනය කරන පලස්තීනයේ හමාස් ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වන Saleh al-Arouri ප්‍රකාශ කර තිබුණේ මේ වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය ප්‍රමාද නොවනු ඇති බවයි.

2022 වසරේදී මෙවැනි වැටලීම් හේතුවෙන් පලස්තීනුවන් 170 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිවිල් වැසියන් ය.

මේ සම්බන්ධයෙන් පලස්තීන අගමැති Mohammad Shtayyeh ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ සියලුම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලා තිබුණේ, පලස්තීන ජනතාවට ආරක්ෂාව සැපයීමට සහ ළමයින්ගේ, තරුණයින්ගේ සහ කාන්තාවන්ගේ ලේ වැගිරීම් නැවැත්වීමට වහා මැදිහත් වන ලෙසයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...