රටේ සෞඛ්‍ය අර්බුදය විසදන්න මැදිහත්වෙන්න – GMOA ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලයි (VIDEO)

Date:

රට තුළ පවතින ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන ගැටළු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය වෙත අද (26) පැමිණිල්ලක් භාර දුන්නේය.

පවතින සෞඛ්‍ය අර්බුද විසඳන ලෙස බලධාරීන්ට කොතෙක් පැවසුවද ඊට නිසි මැදිහත්වීමක් පෙනෙන්නට නැති හෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය මේ අවස්ථාවේ ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බවට සිය සංගමයේ විධායක සභාව තීරණය කළ බවත් ඒ අනුව මෙම පැමිණිල්ල භාර දීමට කටයුතු කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ.

ඖෂධ හිඟය, මෙන්ම ඖෂධ මිල ඉතා ඉහළ අගයක් ගැනීම, තාක්ෂණික උපකරණ හිඟය ඇතුළු රෝහල් තුළ පවතින සම්පත් හිඟය හේතුවෙන් රෝගී ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින අතර ශල්‍ය කර්ම පවා සීමා කිරීමට සිදුව තිබෙන බව අලුත්ගේ මහතා සඳහන් කළේය.

රටේ පවතින මෙම සෞඛ්‍ය අර්බුදය විසඳ ගැනීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෙස ලබා දිය හැකි සහය ලබාදෙන ලෙස ඉල්ලීම් ක‍රන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම සංශෝධිත බදු ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියාත්මක කළ කළු සතිය සාර්ථකව දියත්වෙමින් තිබෙන අතර රෝහල්වල කටයුතුවලට බාධා නොවන ලෙස එම කටයුතු සිදුවන බවද හරිත අලුත්ගේ මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක...

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...