*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

ඉදිරි මාස 06 ට ප්‍රමාණවත් ජීවිතාරක්ෂක ඖෂධ 14ම රට තුළ තිබෙනවා: කෙහෙලිය

සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ ඉදිරි මාස හයට ප්‍රමාණවත් ජීවිතාරක්ෂක ඖෂධ 14ම රට තුළ පවතින බවයි. දැනට ඇතැම් ඖෂධයන්හි පවතින හිඟය ඉදිරි මාසය තුළදී නිරාකරණය කර ගැනීමට හැකි බවත් ඖෂධ ගැටලුව සඳහා දිගුකාලීන, කෙටිකාලීන, මධ්‍යකාලීන විසඳුම් රැසක් සොයන බවත් ඔහු පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හෝල්ගර් සීබර්ට් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමු වී කළ සාකච්ඡාව අතරතුරදී ය.

සියයට 20ක් පමණ වන මෙරට ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළදී සියයට 50 දක්වා ඉහළ නංවන බවත් රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහාය ආයෝජකයන්, නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන් ඇතුළු සියල්ලන් වෙත ලබාදෙන බවත් පැවසූ ඇමතිවරයා, ඖෂධ නිෂ්පාදන ව්‍යාපෘතිවලට මේ වන විට ගිවිසුම් අත්සන් කර ඔවුන්ගේ නිෂ්පාදන පසු මිලදී ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් තබා ඇතැයිද ඒ සඳහා උපකරණ ගෙන්වීමේදී බදු සහනවලින් නිදහස් කිරීම ඇතුළු සහන රැසක් ලබාදෙන්නේ යැයි ද පැවසීය.

නව ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් 12ක් කර්මාන්තශාලා වෙනුවෙන් ආයෝජනය කර ඇති බව ද කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අවධාරණය කළේය.

රට තුළ වැඩි වශයෙන් සේලයින් නිපදවීම සිදු කරන බවත් ඉදිරියේදී ඖෂධ හා උපකරණ රැසක් නිෂ්පාදනය කෙරෙන බවත් පවසන සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙරටට ඖෂධ සපයන රටවල් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ඖෂධ සැපයීමේ ප්‍රමුඛ රටක් වන ජර්මනියද ඇතුළත් වන බවත් ය.

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය සඳහා යුරෝපානු රටවල් 6ක් පමණද ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව රටවල් එක්ව ඇති බවත් හෙතෙම පැවසුවේය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan