ලංකාවට IMF අනුමැතිය සඳහා අවශ්‍ය මූල්‍ය සහතික අවශ්‍ය කාලයේදී ලබා දීම සඳහා සලකා බලනවා – ඈන් මරී ට්‍රවෙලියන්

Date:

එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය පසුගිය 24 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික අවශ්‍ය කාලයේදී ලබා දීම සඳහා සලකා බලනා බවයි. ඇය පැරිස් සමාජයේ සාමාජිකාවකද වෙයි.

ණය ප්‍රතිව්‍යුහ ගත කරන සාකච්ඡාවේදී පැරිස් සමාජයේ සාමාජිකයන් සහ අනෙක් ණය හිමියන් සම්බන්ධීකරණය කිරීම සඳහා යෝජිත වේදිකාවට එක්සත් රාජධානිය සම්පූර්ණ සහාය දක්වන බවත් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කිරීම සඳහා එය වඩාත් කාර්යක්ෂම ක්‍රමය බව එක්සත් රාජධානිය විශ්වාස කරන බවත් එහිදී ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවට තිරසර ආර්ථික වර්ධන මාවතකට පැමිණීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ලබා ගැනීමටත් ණය හිමියන් සියලු දෙනා අතර ඵලදායි සාකච්ඡාවක් ඇති විය යුතු බව ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය ප්‍රකාශ කර ඇත.

කොන්සර්වටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන් විසින්, ආර්ථික විද්‍යාඥයන් සහ විද්වතුන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර ණය හිමියන් දරා ගත යුතු යැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නගා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය මේ බව පවසා තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...