*
Monday, September 23, 2024
spot_img

Latest Posts

යදින්නන් නැති දොරකඩක් නොපතන ඇමතිකම්

රගර් සම්මේලනයේ සභාපති රිස්වි ඉල්ලියාස්ගේ ධූරය තහනම් කිරීමට එරෙහිව පැවත්වෙන නඩු විභාගය හෙට පැවත්වේ. (ජනවාරි 27) මේ වන විට උසාවියෙන් පිටත ක්‍රීඩාව උණුසුම්ය.ජාත්‍යන්තර වශයෙන් පාපන්දුවට තහනමක් වැටී ඇත. ඒ තහනම අතරේ හිටපු ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂ ද සිල්වා පවසන්නේ රටේ ක්‍රීඩාවට අන්තර්ජාතික වශයෙන් තහනම් පැනවීමට දේශපාලන බලපෑම හේතුවන බවය.එය ක්‍රිකට් සහ රගර් ඇසුරෙන්ද යෙදුණ බව සහ යෙදෙන බව ඔහු සිය කතාවෙන් ඉඟි කරයි.පාපන්දු තහනම් කරන ෆිෆා පවසන තුන්වන පාර්ශළුය දේශපාලනය බව ඔවුන්ගේ සම්පූර්ණ ලිපිය කියවද්දි පැහැදිළිය. ඒ නිසා තෙවන පාර්ශවය මැදිහත්වීමක් රගර් තහනම පිටුපස ද ඇද්ද?

රගර් තහනම ආරම්භ කරන්නේ මුලින්ම නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය ධූරයේ සිටියදීය.නමුත් එය උසාවියෙන් වාරණයට ලක් කර රගර් පරිපාලනය වැඩ පටන් ගන්න අවසර දුන්නේය. එහිදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ද මතු වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්න කීව ද මේ දක්වා එය ද සිඳු වි නැත.
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වාරණය පනවන විටත් රගර් පරිපාලනය සිටියේ අනුග්‍රහයක් නැතිව ඒත් ස්ව ශක්තියෙන් ජාතික රගර් ලීග් තරගාවලය පවත්වාගෙන යමින්ය. තහනම ද බිඳ වසර ගණනාවක් නොකෙරුණ ඉස්ව ද කර,අමාත්‍යංශයට වදයක් නොවි අනුග්‍රහයන් ද සොයා ගෙන පෙරට යද්දී ආසියානු ප්‍රධානියා සහ ශ්‍රී ලංකා සභාපතිවරයා අතර ඇති වූ ගැටළුවක් පදනම් කරගෙන සභාපතිවරයා ශ්‍රී ලංකා සභාපතිවරයාට පැන වූ තහනමක් ඔස්සේ යමින් ශ්‍රී ලංකා රගර් සභාපතිට තහනමක් ගෙන එන්නට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඉද්රිපත් විය.

පරස්පරය මෙතැනය.ආසියාවම එම තහනමට දැක් වූ විරෝධය දැන් පරික්ෂාව ලක් කරන්නට සූදානම් වෙයි.ෆිෆා සමඟ එකඟ වූ අකාරයට කටයුතු කරන්නේ නැතුව තහනමක් පනවා ගන්නා ශ්‍රී ලංකාව ආසියාවේ තහනම් කී සැණින් තහනම් කරන්නට පෙරට විත් ඇත.එයද දේශපාලනිකය.තමන්ට කැමති පරිදි වැඩ කිරීමට බලයක් ඇතැයි අමාත්‍යවරයා සිතීම සහ ඊට පෙළඹවීම මීට හේතුව වන්නේය.

ආසියානු සභාපතිවරයා සිය බලය යොදමින් යම් ආකාරයකට රටේ දේශපාලන නායකත්වය හරහාම බලපැම් කරන්නෙක් බවට තොරතුරු හරීන් ප්‍රනාන්දුගේ ක්‍රීඩා ඇමති කාලයේ සිටම ඇත.එකල ද ඔහු නිලවරණයේදී තමන්ට ශ්‍රී ලංකාවේ ඡන්දය ලැබිය යුතු බවත් නැතිනම් ශ්‍රී ලංකාවට වරප්‍රසාද අහිමිවන බවටත් ඉඟි කර තිබිණ.ලසිත ගුණරත්න ඒ වන විට ලැබුණු අනුග්‍රහ ද නොතකා විරුද්ධ අපේක්ෂකයාට ඡන්දය භාවිතා කළේය.

මේ වන විටත් රොෂාන් රණසිංහව ඩුබායිවලටම කැඳවා දැණුම් දී ඇත්තේ නඩුව නිමාවන තුරු ආසියානු තහනම ඉවත් නොකරන බවට සහ ආසියානු සභාපතිවරයා සමඟ ගැටළුවක් ඇති ශ්‍රී ලංකා සභාපතිවරයා ඉවත් කිරීමේ උවමනාව ගැනය.
දැන් ආසියානු සභාපතිවරයාට ආසන්නයෙන්ම සිටින ලාංකිකයන් කිහිප දෙනා අතර වඩාත් සමීපතමයා අසංග සෙනවිරත්නය,ඔහු හරහා මේ ගැටළුව නිරාකරණය කර ගන්න අමාත්‍යවරයා උත්සාහ කරන්නේ නැති අතර,ඔවුන් ද ශ්‍රී ලංකා රගර් සඳහා සහනයක් දීමට ආසියාව හෝ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයාට කියන්නේ නැත.ආසියානු සභාපතිවරයාට ඡන්දය නොදුන් ලසිතත් සිටින්නේ අමාත්‍යවරයා පත් කළ ජාතික තේරීම් කමිටුවේය.

ආසියානු සභාපතිවරයාට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයා නැමීමෙන් අපේක්ෂා කරන්නේ මොනවාද?අසංග සභපති ධූරයේ සිටියදි විදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කර ඇත.පවුම් 50000 ක ඒ වෙනුවෙන් ගසා ඇති දඩය තවමත් ගෙවමින් ඇත.එසේ තිබියදීත් අසංකට උපදේශක කමිටුවක සභාපති පදවියක් ද 2021 දී දෙන්නට ක්‍රීඩා අමාත්‍ය නාමල් ක්‍රියා කර ඇත.

දැන් මේ සභාපතිවරු දෙදෙනාම මෙහි වැඩ කර ඇත.ඉතුරු කර ගොස් තිබුණේ ණයය. දැන් ණයෙන් ද මිදෙමින් ඇත. ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශිය වශයෙන් ද ආණ්ඩුව කකුල් මාට්ටු දමද්දීත් රගර්වලට අනුග්‍රහයන් ඇත.තරගාවලි සඳහා අනුග්‍රහයන් සොයා එන ක්‍රීඩා සංගම් පෝලීමේය. ලිපිවලින්ම මුදල් නැති බව දන්වා ඇතත් ඔවුන් සිය යාදිනි කියන්නට ක්‍රිඩා ඇමති හමුවන්නේය. ඇඟ හොඳටම නමා දුක කියූ විට කුමන හෝ අනුග්‍රහයක්ද ලැබෙන්නේය.ක්‍රීඩා අමාත්‍ය ධූරය යන දේශපාලන භූමිකාව කැමති ඇත්තේ ද වැඳ වැඳ ඉල්ලා සිටින්නන්ට විය හැකිය. හිටපු ක්‍රීඩා ඇමතිතුමානම් දෙවි කෙනෙක් බුද් කෙනෙක් වැනිය.හැටේ හැත්තැවේ මිනිස්සුන්ගෙන්ද වැඳුම් ලබන්නේ පිනා ගිය මනසින්ය.සමහර විට රොෂාන් රණසිංහත් කැමති ඇත්තේ සිය ලොබිය යාදිනි කියන අයගේ අදෝනාවෙන් පිරෙනු දැකීමය. ඒ නිසා වැද වැඳ ඇමති කුටිය ළඟ සිට ගනු වෙනුවට ශ්‍රී ලංකා රගර් තනිව අනුග්‍රහයන් සොයා පැවත්විය යුතු සියලු තරග පවත්වමින් සිටීම,දේශපාලන ආසාව වන යාදිනි ඇසීමේ උවමනාවෙන් බැහැරව තිබීම රොෂාන් රණසිංහ ඇතුළු අමාත්‍යංශ සහ සංවර්ධන නිලධාරීන්ට නුසුදුසුද?

ක්‍රීඩාවට ආස පරිපාලකයෝ පස්සෙන් යන්න වෙලාව ඉතුරු කරගෙන ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න වෙහෙසෙති.ඒ වෙනුවට පස්සෙන් වැටි කෙදිරි ගෑමෙන් තමන්ගේ පෞරශ්‍යය පිම්බෙනු ඇතැයි සිතන දේශපාලකයෝ,පරිපාලකයෝ එසේ ක්‍රීඩාව ඉදිරියට යාම වළක්වන්නට බැරියර් තනයි.කවුරු තනන බැරියර් එකක් හෝ පෙරළිය යුතුද තිබිය යුතු ද යන්න දැන් නීතිය ඉදිරියේ තිබෙන බැවින් ඒ ගැන අපි වැඩිපුර කතාබහට නොයන්නෙමු.හැබැයි හිටපු ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා කියූ හැටියට මේ ආකරයටම ගියහොත් ක්‍රීඩාවන්හී ජාත්‍යන්තර මව් සංගම් පාපන්දු මව් සංගමය ගත් මඟම යන්නට ඉඩ ඇත.එවිටනම් ක්‍රීඩා අමාත්‍යවරයාට කෙදිරි ගාන්නට මහා විශාල ලෝකයක් ලැබෙනු ඇත.

ලෝකය විශාලය,එය ශ්‍රී ලංකාව ඇතුළත පිහිටි දෙයක් නොවේය. හැමදාම කියන පරිදි ලාංකිකයෝ බොහෝ විට පටලවගන්න තැන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලොකු ලොක්කෝද පැටලී සිටිති.
ඇත්තටම විසඳගත යුතු බරපතලම සහ සරළම කාරණය ද එකය. රිස්ලි ඉල්ලියාස් ක්‍රිඩා අමාත්‍යවරයාගේ දොරකඩ යදින්නෙක් නොවීම ගැටළුවක්ද?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan