සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන්නෙම දේශපාලනික වැඩවර්ජන. මේවා කාලකණ්නි වැඩ – වෛද්‍ය බෙල්ලන (VIDEO)

Date:

බහුතරයක් සෞඛ්‍ය වැඩවර්ජන පසුපස තිබෙන්නේ දේශපාලන වුවමනා එපාකම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

බෙල්ලන මහතා මේ බව සඳහන් කළේ පරිපූරක වෛද්‍ය සේවාව සහ හෙද සේවාව විසින් බස්නාහිර පළාතේ අද (26) ගෙන යන වැඩවර්ජනය ගැන මාධ්‍යයට අදහස් දක්වමිනි.

මේ මොහොතේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ගෙන යන වැඩවර්ජනය පසුපස ඇත්තේද විපක්ෂයට ඊළඟට බලයට පැමිණීම වෙනුවෙන් සහය දීමක් බවයි ඔහු කියාසිටියේ.

මෙවැනි වැඩවර්ජන වලින් එකම දේශපාලකයෙක් හෝ දුක් නොවිදින අතර දුක් විදින්නේ දුරබැහැර පළාත් වලින් පවා බෙහෙත් ගැනීමට පැමිණ සිටින සාමාන්‍ය ජනතාව බව හෙතෙම සඳහන් කළේය.

”අද පවතින ප්‍රශ්න වෘත්තීය සමිතිවලට සාකච්ජා මාර්ගයෙන් විසඳගන්න බැරි වෙලා තියෙනවා.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි මේවට හැම විටම පූර්වාදර්ශයක් දෙන්නේ. නමුත් ඔවුන්ට හැකි වෙලා නැහැ වෛද්‍ය වෘත්තිකයින්ගේ ගැටළු ගැන සංවාදයක්වත් ඇති කරන්න.දැන් මේ වන විට වෛද්‍ය පරිපූරක සේවාව වර්ජනය කරනවා.පරිපූරක වෛද්‍ය සේවාවේ අද වර්ජනය කරන අයට එදා යහපාලන කාලේ ඉල්ලීම් නැහැ. දැන් ඉල්ලීම් ඇතිවෙලා. මාසයක් පුරා ඔවුන් එක එක දිස්ත්‍රික්කවල වැඩවර්ජනය කරනවා. අද වැඩවර්ජන විලාසිතාවක් වෙලා.සෞඛ්‍ය සේවකයෝ දැනගන්න ඕනේ තමන්ගේ වෘත්තීය සමිති නායකයින්ට පාර්ලිමේන්තු යන්න නැත්නම් දේශපාලන ප්‍රවාහයකට එකතු වෙලා වාසි ප්‍රයෝජන ලබාගන්න,වාහන පර්මිට් ලබාගන්න වගේ දේවල් වලට තමයි මේ වැඩවර්ජන සිද්ධ වෙන්නේ කියල. වැඩවර්ජන කම්කරුවන්ට අයිති දෙයක්. වෘත්තිකයින් වැඩවර්ජනය කරන්නේ නැහැ.අද සාකච්ජා බිඳ වැටිලා තියෙන්නේ ආණ්ඩුවල වරද නිසා නෙවෙයි. ආණ්ඩුවලට එරෙහිව යන වෘත්තීය සමිති නායකයින් ආණ්ඩුවත් එක්ක සාකච්ජා කරන්න උත්සහ කිරීම නිසා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දේශපාලනික වැඩවර්ජන කිරීමේ ප්‍රවාහය දැන් නතර කළ යුතු බවයි බෙල්ලන මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...

පුදනකොටම කාපි යකා – ළමා හිංසනය උත්කර්ෂයට නංවමින් පොලිස්පතිගෙන් අජූත කතාවක් !!

තමන් කුඩා කාලයේදී තම මව තමන්ට හොඳම පොල්ලකින් පහරදුන්...