මේක අඩ්අඩ්ඩාවට යන ආණ්ඩුවක්. ප්‍රශ්නවලට විසදුම් නැහැ – විජිත (VIDEO)

Date:

අර්බුද ගැන ජනතාවට කීමට ඇමතිවරු හෝ ආණ්ඩුවක් අවශ්‍ය නැති අතර ජනතාව බලාපොරොත්තු වන්නේ ඔවුන් මැදිහත්වී අර්බුදය විසඳීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (26) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මහජන මුදල්වලින් ඇමතිවරු නඩත්තු කරන්නේ ජනතාවට ප්‍රශ්න කීමට නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

පිටරටින් එළවළු,පළතුරු ගෙන ඒමට ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැයකරන ආණ්ඩුවට තෙල් ගෙන ඒම සඳහා ඩොලර් නැතිවීමම ප්‍රශ්නයක් බවත් මෙහි විශාල කුමන්ත්‍රණයක් ඇති බව පෙනෙන්නට ඇති බවත් හේරත් මහතා සඳහන් කළේය.

මේ රටේ කිසිම ආණ්ඩුවක් විදුලි අවශ්‍යතාව ගැන කල්තියා දැක ඊට අවශ්‍ය පූර්ව මැදිහත්වීම් කර නැති බව දැන් පැහැදිලි බවද ඔහු කියාසිටියේය.

ඒ අනුව වත්මන් ආණ්ඩුවද ගමන් කරන්නේ කිසිදු පූර්ව සැලැස්මක් නැති අඩ්අඩ්ඩාවට යන ආණ්ඩුවක් වන අතර මෙවැනි රටකට ඉදිරියට යා නොහැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...