අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26)පෙරවරුවේ ආරච්චිකට්ටුවේ පිහිටි නිවසට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යාමට සැලසුම් කර තිබේ. ඒ අද (26)පෙරවරුවේ බව සඳහන් වේ.

අනතුරුව ලබන ඉරිදා (28) දක්වා දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබෙනු ඇති බව පැවසේ.

ඒ මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරු 2.00 ට හලාවත, ආරච්චිකට්ටුව, රාජක දළුව දේවස්ථානයේදි සිදු කිරීමට නියමිතයි.

දේහය, මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කෙරිණ. 

සනත් නිශාන්ත මහතා ඊයේ අලුයම අභාවප්‍රාප්ත වුණේ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මංතීරුවේ 11 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ ඔහු ගමන් ගත් ජීප් රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන්,සිදුවූ රිය අනතුරකින් ය. 

රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියා ද එම අනතුරින් ජීවිතක්ෂයට පත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විලාසිතා කලාවේ ඉටෑලියන් පුරාවෘත්තයක් මෙසේ නිමා විය – Valentino Garavani

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): ලොව වඩාත්ම ආකර්ෂණීය...

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...