පහසුව දුෂ්කර කර ගැනීමෙන් පසුව ලද ජයක්

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW:

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති සුපිරි 6 වටයේ තරගයකදී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 4 ක ජයක් ලබා ගන්නට සමත් වුණා.මීට පෙර මෙම තරගාවලියේ පෙරහුුරු තරගයකදී ද මෙම කණ්ඩායම් දෙක හමු වී ක්‍රීඩා කළ අතර එහිදී ද ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.එම ජයග්‍රාහී මානසිකත්වය සමඟ පිටියට පිවිසි ශ්‍රී ලංකාවට කාසියේ වාසිය ද හිමි වූ බැවින් එම වාසියද සමඟ පළමුව පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්තානයට ඇරයුම් කරනු ලැබුවා.


පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් විශාල පීඩනයක් ඇති කළ ද,එම පීඩනය සැහැල්ලුවට ලක් කර ගැනීම සඳහා ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට තරගයේ මුල් අවදියේදී වයිඩ් පන්දු යැවීම නිසා විශාල පහසුවක් ලැබුණා.එහෙත් දඟ පන්දු යවන්නන් ඉලක්කයට පන්දු යවමින් නැවත පීඩනය කැඳවා ගෙන එන්නට සමත් වූ නමුත් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ආරම්භක පිතිකරු ඔස්මාන් සදාත් පස්වන කඩුල්ල ලෙස දැවී යන තෙක්ම ඇෆ්ගනිස්තාන ඉණිමේ ආරක්ෂකයා වෙමින් ක්‍රමිකව වේගවත් වූ ඉණිමක් දියත් කරමින් පන්දු 107 දී ලකුණු 61 රැස් කරන්නට සමත් වුණා.


එසේම අෂීෂ්සුල්ලාහ් මියාක්හිල් ලකුණු 43 න් දායකවිම හැරෙන්නට ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට සාර්ථක වන්නට නොහැකි වුණා.ලකුණු 193 ට තරගයේ පනස්වන ඕවරයේ පස්වන පන්දුවේදී සියල්ල දැවී යන ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන් ද පීඩනයක් ඇති කළ බවට හොඳම සාක්ෂිය වන්නේ පිතිකරුවන් තිදෙනෙකුම දුවද්දී දවා ගැනිමයි.


පළමු තරගයේදී මැරතන් ඉණිමක් දියත් කළ ආරම්භක පිතිකරු විරාන් චමුදිතගේ පිත්ත ගොළු වි තිබුණද පන්දු යවන්නෙක් ලෙස ඔහු සක්‍රීයව ප්‍රතිවාදීන් වෙත පීඩනය ගෙන එමින් සිටිනවා.මේ තරගයේදීත් ඔහු සිය පන්දු ඕවර් 10 ලකුණු 20 ට නමා කරමින් කඩුලු 2 ක් දවා ගන්නට සමත් වෙනවා.එසේම තරගයේ වීරයා වෙමින් ශ්‍රී ලංකාවේ දැවී යන කඩුලු ප්‍රමාණය වැඩි වන්නට නොදී එක් පසෙකින් කඩුල්ල ආරක්ෂා කරගෙන වටිනා ඉණිමක් ක්‍රීඩා කළ චාමික හීනටිගල ද පන්දු ඕවර් 8 ක් යවා ලකුණු 19 ට එක් කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.


ලකුණු 184 ක් සොයා ගිය ගමනේ විරාන් මුලින්ම දැවී ගිය පසුව සෙනුජ වැකුණගොඩ (43) සහ ඩිමන්ත මහවිතාන (37) දෙවන කඩුල්ලට ලකුණු 55 ක සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාවේ ඉලක්කයට යන ගමන පහසු කළා.එහෙත් ලකුණු 130 වෙද්දි සෙනුජ පස්වන කඩුල්ල ලෙස දැවී යද්දි ජයග්‍රහණය දෙපසට දෝලනය වෙන තත්ත්වයක් මතු වී තිබුණා.එහිදී දිගු පහරවලට යාමට වඩා විශාල නොවන ලකුණු ඉලක්කයට යාමට අවශ්‍යය කඩුලු ඉතිරි කර ගැනිමේ වගකීම චාමික පවරා ගත්තා.


රූහුල්ලාහ් ඇරබ් පන්දු ඕවර් 10 ලකුණු 23 ට නිමා කරමින් කඩුලු 2 ක් දවා ගනිද්දී මෙන්ම වේග පන්දු යවන වහිදුල්ලාහ් ෂඩ්රාන් ලකුණු 29 ක් පමණක් එක් කඩුල්ලක් පමණක් ලබා ගනිද්දී ඇති කරන පීඩනය හමුවේ ඉවසීමෙන් නිසි මොහොත එන තෙක් ඉවසූ චාමික,වේගයෙන් පන්දුවට පහර දෙන්නට උත්සාහ කළ කවීජ ගමගේ (25) සහ දුල්නෙත් සි‍ගේරා (30) සමඟ තරගයේ ජයග්‍රහණය තෙක් කණ්ඩායම රැඟෙන එන්නට වෙහෙසුණා.පන්දු 42 ක් තුළ රැස් කළ ලකුණු 22 ට එකදු හතර් හෝ හයේ පහරක් එල්ල කරන්නට චාමික අසමත් වුණත් ඒ නොදැවී කණ්ඩායම වෙනුවෙන් කළ සේවය ජයග්‍රහණයේ පදනම සේ සළකා තරගයේ වීරයා බවට චාමිකව නම් කරනු ලැබුවා.
පහතින් තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකියි.
https://bit.ly/49Sxvxa

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...