බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

Date:

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා අද ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩගේ ප්‍රධානත්වයෙන් අධිෂ්ඨාන පූජාවක් පවත්වයි.

අද පෙරවරුවේ සිට පස්වරු 06.30 දක්වා එය කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වෙන අතර ප්‍රර්ථනා බෝධියක් සහිතව අතුරුදහන් වුවන්ට මෙන්ම එම පවුල් වෙත වෙත යුක්තිය ඉටුකරන ලෙස එහිදී බලධාරීන්ට අවධාරණය කෙරෙයි. සන්ධ්‍යා කාලයේදී ආලෝක පූජාවක්ද පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ඇතුළු දේශපාලන, සමාජ ක්‍රියාධරයන් එක විය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පසුගිය රාජපක්ෂ පාලන සමයේදී අතුරුදහන් කරන ලද අතර මේ වන විට වසර 16ක් නික්ම ගොස් තිබේ.

ඊට අදාළ නඩුකරය තවදුරටත් විභාග වෙමින් පවතින අතර සන්ධ්‍ය එක්නැළිගොඩ අපේක්ෂා කරන්නේ මෙම වසරේදී එම නඩු කටයුත්ත අවසාන වී සිය සැමියා හට යුක්තිය ඉටු කර ගැනීමය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

ට්‍රම්ප් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%කින් ඉහල නංවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිතාගන්නත් බැරි බලයක් එක්ක මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව...