විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

ගත වූ මාස 08කට ආසන්න කාලය තුළ ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වීම මෙන්ම වැඩ බලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු මේ දක්වා විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම හේතුවෙන් විවිධ පාර්ශ්ව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ මත භේදයන් ඇති කිරීමට උත්සහ දරමින් තිබෙන බවයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ගෙනයනු ලබන ආර්ථික සංවර්ධන වැඩසටහන පිළිබඳව ද සෘණාත්මක මතවාද සමාජගත කිරීමට ද ඇතැම් පාර්ශ්ව මෙම සිදු වීම යොදා ගනිමින් සිටින අතර විගණකාධිති ධුරය වැනි රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිද භාවය තහවුරු කිරීමේ වගකීම් සම්භාරයක් පවතින තනතුරක් සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර පුද්ගලයෙක් පත් කිරීම යෝග්‍ය නොවන බවද උන්වහන්සේලා එම ලිපියෙන් අවධාරණය කර ඇත.

ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කොට ඇති දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති තනතුරු සඳහා පත්කිරීම සුදුසු බව උන්වහන්සේලා පෙන්වා දෙති.

එය ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන දේශය සමෘද්ධිමත් කිරීමේ ක්‍රියාපිළිවෙතට ද ශක්තියක් වනු ඇති බවත් උන්වහන්සේලා එම ලිපියෙන් දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...