ඇමරිකාව සහ දකුණු කොරියාව හමුදා අභ්‍යාස පවත්වන අතරතුර උතුරු කොරියාවෙන් මුහුදට මිසයිල!

පුවතේ Audio පිවිසුම වෙත;

පුවතේ Video පිවිසුම වෙත;

සටහන – පුලී

මාර්තු 14, LNW (කොළඹ):  එක්සත් ජනපදය සහ දකුණු කොරියානු හමුදා සිය හමුදා අභ්‍යාස සිදු කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් පියොන්යැං සමඟ සංවාදයක් සඳහා වන සිය ඉල්ලීම් ද අලුත් කළේය. ඒ අතරතුර උතුරු කොරියාව බැලස්ටික් මිසයිල 10 කට වැඩි ප්‍රමාණයක් මුහුදට එල්ල කළ බව ද දකුණු කොරියානු හමුදාව පැවසීය.

මුහුදට වැටුණු බැලස්ටික් මිසයිලයක් විය හැකි දෙයක් අනාවරණය කරගත් බව ජපාන වෙරළාරක්ෂක බලකාය ද පැවසීය. එය ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටතට වැටී ඇති බවක් පෙනෙන්නට තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ප.ව. 1.20 ට පමණ ප්යොංයැං අගනුවර අසල ප්‍රදේශයක සිට රටේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුද දෙසට මිසයිල දියත් කළ බවයි.

උතුරු කොරියාව දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ පුළුල් පරාසයක බැලස්ටික් සහ කෲස් මිසයිල අත්හදා බලා ඇති අතර, ඔවුන් සාර්ථකව ගොඩනගා ඇති බවට විශ්වාස කෙරෙන න්‍යෂ්ටික අවි ප්‍රවාහනය කිරීමේ මාධ්‍යයන් සංවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස එය ක්‍රියාත්මක වී තිබේ.

න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රාජ්‍යයක් වන උතුරු කොරියාව, හමුදා අභ්‍යාස කෙරෙහි තම කෝපය සහ විරෝධතා නිතර ප්‍රදර්ශනය කරමින්, ඒවා මිත්‍ර පාක්ෂිකයින්ගේ සන්නද්ධ ආක්‍රමණය සඳහා “පෙරහුරුවන්” බව ද පවසයි.

2019 සිට අත්හිටුවා ඇති උතුර සමඟ සාකච්චාවන් නැවත ආරම්භ කිරීමේ ක්‍රම සාකච්ඡා කිරීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා දකුණු කොරියානු අගමැති වොෂින්ටනයේදී ට්‍රම්ප් හමුවිය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ හමුවීමක් හොඳ වනු ඇතැයි එක්සත් ජනපද ජනාධිපතිවරයා සිතූ බව කිම් මින්-සොක් ඒ සම්බන්ධව පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...