හිටපු ජනපති සිරිසේනට කොටුව මහේස්ත්‍රාත්ගෙන් අවවාදයක්!

Date:

අද දින ( 27) විවෘත අධිකරණයේදී නඩුවක් කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීමේ සිද්ධියක් අනුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට අවවාද කර ඇත.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පාදයක් අහිමි වු පුද්ගලයෙකු සහ ගරු සිරිල් ගාමිණී පියතුමා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අද කැදවූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැගීමකින් තොරව ඉන් පිටත රැඳී සිටි අතර එම අවස්ථාවේදී පැමිණිලිකරුවන් වෙනුවන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවෙන් පිටත රැඳීසිටීම කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් විරෝධතාව පළකර ඇත.

එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදුනොකළ බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයට පෙන්වා දී ඇති අතරඅභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ එම සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තුරු වැළැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙසට නියෝගයක් නොවන බවට පෙන්වා දුන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දෙවන වරට නඩුව කැඳවූ පසු මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැගීමක් සිදුකළ අතර නඩුව නැවත කැඳවන විටදී සැකකරුවෙකු සිටිය යුතු ස්ථානය වන විත්ති කූඩුවට මින් ඉදිරියට නගින ලෙසත් ඔහුට මහෙස්ත්‍රාත්වරයා අවවාද කර ඇත.

පසුව එය ලබන මාර්තු 17 වනදා නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...