රු. 20ට වැඩිය වියදම් කළොත් සභික ධූරය අහෝසියි! (VIDEO)

මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු වෙනුවෙන් එක් අයෙකුට වියදම් කළ හැක්කේ රු20ක මුදලක් වන අතර සම්මත කරගත් මැතිවරණ ප්‍රචාරණ වියදම් පනත අනුව ඊට වැඩි මුදලක් වියදම් කර ඇති බවට ඔප්පු වුවහොත් සභික ධූරය අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

අනුග්‍රාහකයෙක් වියදම් කළ ද එම මුදල් ඇතුළත් විය යුතු බවයි පුංචිහේවා මහතා සඳහන් කරන්නේ.

වියදම් වාර්තාව පසුව ඉදිරිපත් කළ යුතු වන බවත් පක්ෂ සඳහා විශාල මුදල් වියදම් කිරීම පාලනය කිරීමට මෙම තීරණය ගෙන ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මේ අතර කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස් වූ බව දැනගත්තේ මාධ්‍යයෙන් වන අතර චාල්ස් මහත්මිය හෝ අදාළ වෙනත් ආයතනයක් මඟින් එවැනි අස් වීමක් ගැන කොමිසම වෙත දන්වා නැති බවද පුංචිහේවා මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...