Saturday, June 3, 2023
spot_img

Latest Posts

රු. 20ට වැඩිය වියදම් කළොත් සභික ධූරය අහෝසියි! (VIDEO)

මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු වෙනුවෙන් එක් අයෙකුට වියදම් කළ හැක්කේ රු20ක මුදලක් වන අතර සම්මත කරගත් මැතිවරණ ප්‍රචාරණ වියදම් පනත අනුව ඊට වැඩි මුදලක් වියදම් කර ඇති බවට ඔප්පු වුවහොත් සභික ධූරය අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

අනුග්‍රාහකයෙක් වියදම් කළ ද එම මුදල් ඇතුළත් විය යුතු බවයි පුංචිහේවා මහතා සඳහන් කරන්නේ.

වියදම් වාර්තාව පසුව ඉදිරිපත් කළ යුතු වන බවත් පක්ෂ සඳහා විශාල මුදල් වියදම් කිරීම පාලනය කිරීමට මෙම තීරණය ගෙන ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මේ අතර කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස් වූ බව දැනගත්තේ මාධ්‍යයෙන් වන අතර චාල්ස් මහත්මිය හෝ අදාළ වෙනත් ආයතනයක් මඟින් එවැනි අස් වීමක් ගැන කොමිසම වෙත දන්වා නැති බවද පුංචිහේවා මහතා කියාසිටියි.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.