දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළට. යළිත් 1000 ට කිට්ටු කරයි !

Date:

ඊයේ (26) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 927 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙය මීට සති දෙකකට පෙර පැවති තත්වය හා සැසඳීමේදී ඉතා විශාල වර්ධනයක් බව පැහැදිලිවම පෙනේ. මීට සති දෙකකට පෙර දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පැවතියේ 500 – 600 අතර මට්ටමක ය.

ඒ අනුව, නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන හෙයින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ වනවිට කොළඹ ජාතික රෝහලේ කොවිඩ් වාට්ටු රෝගීන්ගෙන් පිරී ඇති අතර ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) ද කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් පවතී. එමෙන්ම දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ යමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියට අනුව පසුගිය සති දෙකේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවෙහි වර්ධනය

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...