අපට වඩා ගුරුවරුන්ට ඉහළ වැටුප් වැඩිවීමක් ලැබිලා – විදුහල්පතිවරුන් යළි වර්ජනයකට !

Date:

ජනවාරි 28 වනදා දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වීමට විදුහල්පති සමිති සන්ධානය තීරණය කර තිබේ.

ඒ, ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් පසුගිය 05 වනදා නිකුත් කළ චක්‍රලේඛයෙන් නව වැටුප් විෂමතාවයක් හටගෙන ඇති බවට චෝදනා කරමිනි.

එකම දිනයෙහි පත්වීම් ලැබූ, සමාන සුදුසුකම් ඇති ගුරු සේවයේ නියුතු නිලධාරීන්ට එම චක්‍රලේඛය මගින් විදුහල්පති සේවයේ නිලධාරීන්ට වඩා වැඩි වැටුප් වැඩිවීමක් ලැබී ඇති බවයි විදුහල්පති සමිති සන්ධානය පවසන්නේ.

ඒ අනුව එම වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලා ඔවුන් යළි වැඩවර්ජනයක නිරත වීමට නියමිත ය.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එක්ව පසුගිය වසරේදී මාස තුනක පමණ කාලයක් තිස්සේ දීර්ඝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ අතර වැටුප් විෂමතා ඉවත්කරමින් වැටුප් වැඩිකිරීමේ නව චක්‍රලේඛය නිකුත් කෙරුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මේ සියල්ල සිදුවන්නේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ රටේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති තත්වයක් මධ්‍යයේ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...