තවත් මෙගාවොට් 162ක් අහිමි වෙද්දී විදුලි කප්පාදුව ගැන තීන්දුව අද

විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් අද (27) දිනයේදී තීන්දු කිරීමට නියමිතව තිබේ.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ අද දහවල් කොමිසම රැස්වී තත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව තීන්දුවක් ගන්නා බවයි.

පසුගිය 25 වනදා මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ සමාලෝචනයට අනුව තීන්දු කර තිබුණේ අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ය.

කෙසේවෙතත් මේ වනවිට නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය අක්‍රිය වී ඇති අතර ඒ නිසා මෙගාවොට් 162ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතිය අහිමි වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...