සත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුවේ සාර්ථකත්වය

Date:

සත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුව මගින් මේ වන විට සංවර්ධන වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව එම දෙපාර්තමේන්තුව මඟින් පශු වෛද්‍ය කොට්ඨාස 337 ක් පිහිටුවා ඇත. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් මෙම පශු වෛද්‍ය කොට්ඨාසයකට සමාන වේ. මෙම පශු වෛද්‍ය කොට්ඨාස වල තත්ත්ව සංවර්ධන උප්දේශක වරුන් ඇත.

ඔවුන් හරහා සත්ව නිශ්පාදන කාර්‍ය්වල නියැලෙන්නන්ට අවශ්‍ය දැනුම හා උපදෙස් ලබාගත හැකි බව සත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසයි.මෙවර අයවැය මගින් රුපියල් මිලියන 1,000ක් දියර කිරි නිශ්පාදනය වෙනුවෙන් වෙන් කර ඇත.

සත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුවේ වෙනමම පශුවෛද්‍ය ශාඛාවක් ඇත. ඉදිරියේ දී ඉලක්කගත ගොවිපොළවල් තෝරාගනිමින් විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. සත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට අවශ්‍ය පුහුණු වැඩමුළු හා දේශන ඉදිරියේදී සංවිධානය කිරීමට නියමිතයි. මහා පරිමාණ ගොවිපොළවල් නිර්මාණය කිරීමට පුද්ගලික ව්‍යසායකයින්ටද අවශ්‍ය සහයෝගය ලබා දීමට සත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

මේ හරහා රට තුළ දියර කිරි ප්‍රචලිත කර සාධාරණ මිලකට ජනතාවට දියර කිරි ලබාදීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම තෝරා ගත් ගොවි පොළවල් සංවර්ධනය කිරීමේදී එම ගොවිපොළවලට මූල්‍යාධාර ලබාදීමට ද බලාපොරොත්තු වේ. තිරසර සංවර්ධනය සඳහා කරනු ලබන සියලු කටයුතු සර්ථක වීමෙන් රටේ ස්වයංපෝෂිත බව වැඩි වනු ඇත.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...