*
Monday, May 20, 2024
spot_img

Latest Posts

අපනයන ඉහළ නංවමින් වෙළඳ හිඟය අවම කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය අවම කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව, 2020 නොවැම්බර් මස වාර්තා වූ ඩොලර් මිලියන 600 ක් වූ වෙළඳ හිඟයට සාපේක්ෂව 2021 නොවැම්බර් වන විට ඩොලර් මිලියන 553 දක්වා මෙම වෙළඳ හිඟය අවම කිරීමට පියවර ගෙන තිබේ. එය ඉහළ ගිය අපනයන ක්‍රියාවලියේ හිතකර ප්‍රතිඵලයක් බවයි පැවසෙන්නේ.

එමඟින් රටේ ආර්ථික තත්ත්වය හා මුදල් ඒකකයට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති බවට මහ බැංකුව පෙන්වා දෙයි.

රට තුළ සමස්ත අපනයන මේ වන විට නිශ්පාදනය කර අවසන් අතර, ඉන් අඩක් පමණම ඇඟලුම් බවට පැවසේ. ඇඟලුම් කර්මාන්තය ආර්ථිකයට වටිනාකම් එක්කිරීම සඳහා ඉතා යෝග්‍ය බවත්, මෙම අංශයේ වර්ධනයක් ඇති කිරීම සඳහා සැලකිය යුතු ධාරිතාවයක් ශ්‍රී ලංකාව සතුව පවතින බවත් ආර්ථික විද්වත්හු පවසති.

කෙසේවෙතත්, පවතින ආනයන සීමාවන් සහ ඩොලර් අර්බුදය අපනයන කටයුතු සඳහා වැදගත් වන ඇතැම් අමුද්‍රව්‍ය ගෙන්වීම කෙරේ බලපෑම් ඇතිකර තිබේ. එබැවින් ඇඟලුම් වැනි අපනයන වලට වැදගත් වන සිපර් සහ රෙදි වැනි අමුද්‍රව්‍ය දේශීයව නිශ්පාදනය කිරීමේ වැදගත්කම කෙරේ අවධානය යොමුව තිබේ.

එමෙන්ම, අමුද්‍රව්‍ය හා නිශ්පාදිත භාණ්ඩ වඩාත් දියුණු සැකසුම්වෙත යොමුකිරීම සඳහා ද ශ්‍රී ලංකාවේ අවස්ථාවන් තිබෙන බවත්, ඒ ඇතැම් අවස්ථා සඳහා දැනටමත් නිලධාරීන් විසින් දිරිගැන්වීම් සිදුකරමින් යන බවත් ආර්ථික විද්වත්හු පෙන්වා දෙති.

කෙසේවෙතත්, මිල පාලනය වැනි වෙළඳපොල මැදිහත්වීම් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා ආදේශකයක් නොවන බව ද ඔවුහු අවධාරණය කළහ. එහිදී අගය එක්කිරීම (value addition) වැනි විකල්ප ක්‍රියාමාර්ගයක් කෙරේ යොමුවූවද, මිළ අධික වීම හා අකාර්යක්ෂමභාවය වැනි කරුණු මත අවාසිදායක තත්ත්වයක් මතුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ මඟින් රට වඩාත් තරඟකාරී බවට පත්කිරීමට උපකාරී වන අතර, එමඟින් වෙළඳ හිඟය පිළිබඳ ගැටලුව ද ආමන්ත්‍රණය වේ. එම නිසා ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ හරහා වෙළඳපොල මැදිහත්වීම් වලින් සිදුවන අනිසි ප්‍රතිවිපාක අවම වේ.

වෙළඳපොල ප්‍රතිසංස්කරණ සඳහා ඉහළ පරිශ්‍රමයක් දැරීමට සිදුවූවද, එහි ප්‍රතිඵල අනර්ඝ විය හැකි සේම, දිගුකාලීනව තිරසාරභාවයක් උදාකර ගැනීමට හැකිවනු ඇති බව ද විද්වතුන්ගේ මතයයි.

2021 ජනවාරි – නොවැම්බර් කාලය තුළ වෙළඳ ගිණුමේ සමුච්චිත හිඟය ඩොලර් මිලියන 7,051 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2020 වසරේ එම කාලපරාසය තුළ ඩොලර් මිලියන 5,446 ලෙස සටහන්ව තිබිණි.

2021 නොවැම්බර් හි අපනයන ඉපයීම් 2020 නොවැම්බර් මසට වඩා සියයට 54.6 කින් ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් මිලියන 1,211 ක ඉපයීමක් ලෙස සටහන් වේ. ඒ අනුව, 2021 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ ඉහළම අපනයන ඉපයීම වූ ඩොලර් මිලියන 1,200 ක අගය ද 2021 නොවැම්බර් වන විට ඉක්ම ගොස් තිබේ.

මේ අතර, 2021 නොවැම්බර් වන විට ආනයන වියදම් අගය ද වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. වැඩි වූ අපනයන වල හිතකර බලපෑම නිසා වෙළඳ භාණ්ඩ වෙළඳ හිඟය (merchandise trade deficit) ඩොලර් මිලියන 600 සිට ඩොලර් මිලියන 553 දක්වා පහත ගොස් ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

තවද, කිරිපිටි ඇතුළු කිරි නිශ්පාදන, මයිසූර් පරිප්පු සහ ලොකු ළූණු ඇතුළු එළවළු, පොල්තෙල් ඇතුළු තෙල් සහ මේද සහ කරවල ඇතුළු මුහුදු ආහාර වල ආනයන වියදම් වල අඩුවීමක් ද නිරීක්ෂණය කිරීමට හැකිය.

අතරමැදි භාණ්ඩ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ නම්, ඉන්ධන, රෙදිපිළි සහ අමුද්‍රව්‍ය, රබර් හා ඒවායේ අමුද්‍රව්‍ය සහ ප්ලාස්ටික් හා ඒවායේ අමුද්‍රව්‍ය ආදියට අදාළව භාණ්ඩ ආනයනය සඳහ වන වියදම 2021 නොවැම්බර් මස වන විට සියයට 24.3 කින් (y-o-y) ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan