ට්‍රම්ප්ට ඩොලර් මිලියන 83.3 ක දඩයක්

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නිව් යෝර්ක් නගරයේ ජූරි සභාවක් පසුගිය සිකුරාදා(26) ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපහාස නඩු ගොනු කළ තීරු ලිපි රචක ඊ ජීන් කැරොල්ට ඇයගේ කීර්තිනාමයට සහ චිත්තවේගීය යහපැවැත්මට සිදු කරන ලද හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 83.3 ක මුදලක් ගෙවීමට නියෝග කර ඇති බව වාර්තා කර තිබේ.

මෙම මෑන්හැටන් ෆෙඩරල් උසාවි තීන්දුව ලැබෙන්නේ හිටපු ජනධිපති ට්‍රම්ප් විසින් ඊ ජීන් කැරොල් අපකිර්තියට පත්කර ලිංගික අපයෝජන කළ බවට තහවුරු වී ඩොලර් මිලියන 5ක් දිනා වසරකටත් අඩු කාලයකට පසුවය.

නඩු තීන්දුවෙන් මොහොතකට පසු ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සදහන් කර තිබුණේ මෙම තීන්දුව අතිශයින්ම හාස්‍යජනක බවත්, නීති පද්ධතිය පාලනයෙන් තොර බවත් නීතිය දේශපාලනය අවියක් කරගෙන සිටින බවත්ය.

කෙසේ නමුත් කැරොල් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කාන්තාවන් පහත් කර හිරිහැර කරන සෑම කාන්තාවකටම විශාල ජයග්‍රහණයක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...