ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පුත්තලම මහවැවදී

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 කොළඹ (LNW): සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වසරේ දෙවන ජංගම සෞඛ්‍ය වැඩසටහන ලෙස,අද (27) දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම, කල්තියා රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සේවාවන් සඳහා යොමු කිරිම අරමුණූ කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පුත්තලම දිස්ත්‍රික්කයේ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩාවැව කණිෂ්ඨ විද්‍යාලයේ දී ආරම්භ විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) සිසිර කුමාර මහතාගේ සහභාගීත්වයෙන් උදැසන 8.00 ට ආරම්භ වූ මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනින් ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා මහවැව, කුඩාවැව, ඉහළ කුඩාවැව, පහළ කුඩාවැව, පුරුදුවත්ත, මාලිගාවත්ත, අඩප්පරගම, ආදී දුෂ්කර ගම්මානවල විශාල ජනතාවක් එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර, වකුගඩු සායනය සදහා වැඩි ජනතා සහභාගීත්වයක් ද මෙහිදී දක්නට ලැබුනි.

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායානාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේධ මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පිඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබඳ සායනය සහ චීන කටු චිකිත්සාව ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් සහ ඖෂධ නිකුත් කිරීම ද දිනය පුරා සිදු කෙරේ.

රෝග සදහා ප්‍රතිකාර ලබානොගන්නා ජනතාව, රෝහල් ප්‍රතිකාර සඳහා සහභාගිවීමට ශක්තියක් නොමැති ජනතාව සොයා යමින් සහ රෝග කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර සේවාවන් සඳහා යොමු කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන් දීප ව්‍යාප්තව පවත්වන බවත්, මෙම වැඩසටහන තුලින් උපරිම ප්‍රයෝජනය ලබාගැනීම ජනතාවගේ වගකීමක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) සිසිර කුමාර මහතා මෙහිදි පෙන්වා දෙනු ලැබීය.

කුඩාවැව ග්‍රාමසේවා වසම්වල පදිංචි බහුතරයක් ජනතාව ස්වයං රැකියාවල නියැලෙන අඩුආදායම්ලාභීන් වන අතර, සායනය සඳහා සහභාගි වූ ජනතාව කියා සිටියේ සිය ගම්බිම්වල වැඩිවශයෙන් වකුගඩු රෝගීන් ඇතුලු විවිධ රෝගවලින් පෙළෙන ජනතාව වන බවත්, නොමිලයේ පවත්වන මෙවැනි සායන තුලින් තමන්ගේ රෝගී තත්ත්වයන් හඳුනා ගෙන ප්‍රතිකාර සේවාවන් සඳහා යොමුවීමට මහත් රුකුළක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය