ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක්!

0
404

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ (LNW):

අද (28) සිට නැවත දැනුම් දෙනතුරු ,යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය දේශන වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් මෙම වර්ජනයට එක්ව ඇති බව වාර්තා වන අතර, යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් සිදුනොකිරීම එම වර්ජනයට ප්‍රධාන හේතුව වී ඇත.