අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර එහි සිටි පුද්ගලයකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙසේ වෙඩිතබා ඇති අතර එයින් තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ගලබොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...