විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

Date:

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පත්කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ “රටම එකට ජාතික මෙහෙයුමේ” රත්නපුර මෙහෙයුම් කමිටුව පිහිටුවීම ඊයේ (27) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණු අවස්ථාවේදී ය.

“අද පිහිටුවනු ලැබූ මෙම මත් විරෝධී දිස්ත්‍රික් කමිටුවේ සභාපතිවරයා වශයෙන් නිල බලයෙන්ම පත් වන්නේ මේ පද්ම කුමාර සහෝදරයා. ඔහු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා. අද පිහිටුවනු ලැබූ කමිටුව තමයි දිස්ත්‍රික් කමිටුව. මේ කමිටුවට යටත්ව තව ආසන මට්ටමින් ප්‍රාදේශීය කමිටු කිහිපයක් පිහිටුවනවා. මේ දිස්ත්‍රික්කයේ ආසන අටට ප්‍රාදේශීය කමිටු 08ක් පිහිටුවන්න ඕන. ඒක මේ රැස්වීමෙන් පස්සේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දැනුම් දෙනවා ඒ ඒ ආසනවලට කමිටු පිහිටුවන්න. ඒ කමිටුවල සභාපතිවරයා වන්නේ ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයා. ඒක තමයි මෙහි ස්වභාවය. ඉන් අනතුරුව මෙහි සංවිධාන ජාලයේ තියෙන්නේ ගමේ තියෙන මහජන ආරක්ෂක කමිටුව.

මම හිතන්නේ අස්සක් මුල්ලක් නෑර සියළුම ග්‍රාම සේවා වසම්වල අපි දැන් මහජන ආරක්ෂක කමිටු පිහිටුවලා අවසන්. ප්‍රතිපත්තිමය කමිටුව, මේ දිස්ත්‍රික් කමිටුව, ආසන කමිටුව සහ ඊට පස්සේ ගමේ තියෙන මහජන ආරක්ෂක කමිටුව. ඕක තමයි අපි එලාගෙන තියෙන සංවිධාන ජාලය. මේක දැන් රටේම වැඩ කරන්න පටන් අරගෙන තිබෙනවා. මේ කතා කරන මොහොතේත් මේ කළු බිස්නස් එක යනවා. ඒක අඩපණ කරමින් යන ගමනට තමයි මේ යෝධ පියවර තබලා තියෙන්නේ”

මෙම ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයාට අයත් ඉඩමක කංසා වගාවක් තිබී ඇතැයි පසුගිය දිනවල චෝදනාවක් එල්ල වූ අතර මන්ත්‍රීවරයා පැවසුවේ එය තමන්ට අයත් ඉඩමක් නොවන බවත් තම ඥාතියකුට අයිති එම ඉඩම වගාවක් සඳහා වෙනත් අයකුට බද්දට ලබාදී තිබියදී එහි කංසා පැළ දෙකක් තිබී පොලීසියට හසුවී ඇති බවත් ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය. පසුව අදාළ වැටළීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියකු මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව කියමින් රෝහල්ගත වූ අතර එම පොලිස් නිලධාරියා මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටී. ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයාට මීට පෙර පුද්ගලයකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්හිටවූ සිර දඬුවමක් ද නියම වී ඇති බව පසුගිය දිනවල මාධ්‍ය අනාවරණය කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ...