සටහන – රුවන් නෙළුගොල්ල
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දුදරුවන් විශාල පිරිසක් අසරණ වී ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළත් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බවත් මේ අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන් දූදරුවන් 6 වසරේ ප්‍රතිසංස්කරණ අපේක්ෂාවෙන් සිටියත් රජය එය කල් දැමීම නිසා මොවුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කර අසභ්‍ය දේවල් ඉවත් කර නැවත වරක් කඩිනමින් නිවැරදිව මේ වසරේම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටී.
එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිටින බවත් මේ අය සමඟ සාකච්ඡා කර ප්‍රගතිශීලි තීන්දුවක් ගන්නා ලෙස යෝජනා කරන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා විධිමත් සාකච්ඡාවක් සිදු කරන්නේ නම් විපක්ෂයේ ද අදහස් ඉදිරිපත් කිරීමට කැමති බවත් මේ ප්‍රතිසංස්කරණ නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දීමට කැමති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.


