හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ගොනුකර ඇති නඩුව අද (28) යළි කැඳවීමට නියමිතව තිබේ.

ඒ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ය.

2023 වසරේදී එවකට ජනාධිපතිවරයාව සිටියදී සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් දින එකහමාරක් තුළ රුපියල් ලක්ෂ 166ක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා කරමින් පසුගිය වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කෙරෙනු අතර ඒ මහතාව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත නිදහස් කෙරිණි.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සඳහන් කර තිබුණේ මෙම සංචාරය එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්යාලයෙන් ලද නිල ආරාධනයකට අනුව සිදුකළ නිල සංචාරයක් බවකි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා එංගලන්තය බලා ද ගොස් තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...