ඊයෙ නේපාලයට බැට දුන් ශ්‍රී ලංකාවේ අද ප්‍රතිවාදියා තාමත් මඟ

Date:

පහළොස් වන වරට පැවත්වෙන බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ තරග ආරම්භක කළ ජනවාරි 27 වන දා සත්කාරක පකිස්තානය සහ ශ්‍රී ලංකාව තමන් සහභාගි වූ තරග පහසුවෙන් ජය ගන්නට සමත් වුණා.තරගාවලිය ආරම්භ කරමින් පැවති ඇෆ්ගනිස්තාන සහ පකිස්තාන තරගය නිමා වූවේ 16 /00 ක් ලෙස සත්කාරකයන්ට ජය ගෙන දෙමින්.


ශ්‍රී ලංකා තරගය ඉණිම පහකින් හමාර වූ අතර තරගයේ ලකුණු තත්ත්වය 26/00 ක්.ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ දායකත්වයට උර දෙමින් තරගයේ පිචර් ලෙස කටයුතු කළ තරිඳු මධුමාල් කිසිදු ලකුණක් නේපාලයට ලබා ගන්නට ඉඩ දුන්නේ නැහැ.ඉකුත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ ශෂික වෙනුවට යොදා ගත් තරිඳු මේ ආකාරයෙන් දස්කම් දැක්වීම වැදගත් වන්නේ ශෂික ද කණ්ඩායමේ සිටින නිසයි.
පන්දුවට පහර දීමේදී සියලුම ශ්‍රී ලංකා පිතිකරුවන් ඇගයිය හැකි මට්ටමෙන් ක්‍රියා කළා.නමුත් රොෂාන් සමරවීරගේ සහ ක්‍රිෂ්ණ හපුආරච්චි‌ගේ දිගු පහරවල් තරගයේ කැපී පෙණුන අතර ඒ අතරින් රොෂාන් එල්ල කරන ලද හෝම් රන් පහර නරඹන්නන් කාගෙත් ඇගයීමට ලක් වුණා.


ඊයේ තරගයට ඉන්දීය කණ්ඩායම මුහුණ දුන්නේ නැහැ.ඔවුන් තවමත් ලාහෝරය ආසන්නයේ ඉන්දීය සීමාව තුළ රැදී සිටින බව පකිස්තානු තොරතුරු පවසනවා.ඊයේ තරගයට ඔවුන් සහභාගි නොවූ නිසා පලස්තීනයේ පළමු බටහිරි ආසියානු බේස්බෝල් අත්දැකීම නිතරඟ ජයකින් සපුරා ගන්නට හැකි වුණා.නමුත් හෙට ඉන්දියාවට හමු වන්නට නියමිත කණ්ඩායම ශ්‍රී ලංකාවයි.මේ නිසා ඉන්දියාව කෙසේ හෝ ලාහෝරයේ සිට ඉස්ලමාබාද් වෙත කැඳවා ඒන්නට පකිස්තානය උත්සාහ ගනිමින් සිටින්නේ ඉන්දියාව ශ්‍රී ලංකාවට හොඳ තරගයක් ලබා දෙනු ඇතැයි අපෙක්ෂාවෙන්.


උදෑසන දැඩි ශීත තත්ත්වයක් තිබුණ ද,දහවල් උදාවෙන විට උණුසුමක් නැතත සීතල දරා ගැනීමට සහ පාලනය කර හැකි මට්ටමට පැමිණිම ශ්‍රී ලංකාවේ හිත සුව පිණිස වැදගත් වෙනවා.නමුත් මේ නුහුරු පරිසරයට ඉක්මණින් හුරු වීම සඳහා සියලු දෙනා කයටත් වඩා මනසින් ශක්තිමත්ව, දිනා ගත් කුසලානය මෙවරත් සුරැකිව රැඟෙන එන්නට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා බේස්බෝල් ආරංචි මාර්ග සහතික කරනවා.
පස්වරුවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හමුවීමට පෙර පලස්තීනය සහ නේපාලයත්,බංගලාදේශය සහ සත්කාරක පකිස්තානයත් තරග වැදීමට නියමිතයි.මේ සමඟ දැක්වෙන්නේ ආරම්භක දිනයට සම්බන්ධ ඡායාරූපයි.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...

විපක්ෂයට බහුතර අසන ගණනක් ගිය උඩුනුවර සභාව NPP දිනාගනී!

කොළඹ LNW:උඩුනුවර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට ජාතික ජන...

තවත් දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්!

දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හරහා ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නිසා...