*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දුවද්දි දැවී යන 19 පහළ ක්‍රීකට් හීන 2000 සහ 2022

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විශාල අවධානයක් දිනා සිටි ශ්‍රී ලංකා යෞවනයන්ගේ ගමන ඇෆ්ගනිස්තානය අත් කර දුන් අනපේක්ෂිත පරාජයත් සමඟ නිමාවට පත් වුණා.එයට පරාජයට පත් වුණා කියන වචනයට වඩා ගැලපෙන්නේ “පරාජය කැඳවා ගත්තා” යන්නයි.මේ ආකාරයෙන්ම සූරතාවය අසළටම පැමිණ අනු සූරයන් වූ ශ්‍රී ලංකාවට 2000 අවුරුදු 19 න් පහළ අවසාන තරගයේදී ද පරාජය වෙන්නට බලපෑවේ දුවද්දී දැවි යාම් හතරකුයි.එම දැවීයාම් වගේම කණ්ඩායමට ඉහළින් සිටින කළමණාකාරීත්වයේ යම් යම් තීරණ ද මේ පරාජයන් දෙකේම පසුබිම් කතාවේ තිබුණත් ඒවා ඉස්මතුව නොඑනු ඇති බැවින් මේ සටහන තබන්නට තීරණය කළා.

ඇෆ්ගනිස්තානයට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිට අර්ධ අවසාන පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා මේ තරගාවලියේ දැනටත් වඩාත්ම කතාබහට ලක්වන සුවිශේෂි ක්‍රීඩකයෙක්.දුනිත් වෙල්ලාලගේ නායකයෙක් හැටියට මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැටියටත් කැපී පෙණුනා.අවසාන තරගයේදී ඔහු සිය කණ්ඩායමේ ජයග්‍රහණ ගමන පහසු කරන්නට අවශ්‍යය කාසියේ වාසියද දිනා ගත්තා.

කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නා වූ මතීශ පතිරණ ආබාධයකට ලක් වීම නිසා කණ්ඩායමට කැඳ වූ විනුජ රන්පෝල් ද ඒ අවස්ථාවේදී තමන්ට ලැබුණු අවස්ථාව උපරිමයට ප්‍රයෝජනයට ගනිමින් පන්දු ඕවර් 9.1 පන්දුවක් යවමින් ලකුණු 10 කඩුලු 5 ක් දවා ගත්තා.තරගාවලියේ වැඩිම කඩුලුලාභියාව සිටින දුනිත් වෙල්ලාලගේ ලකුණු 36 කඩුලු 3 ක් බිඳ හෙලුවා.ට්‍රෙවින් මැතිව්ස්ගෙන් ලකුණක් යන්න ඇෆ්ගන් පිතකරුවන්ට ගලෙන් පට්ටයක් ගැනීමටත් වඩා දුෂ්කර විය.ඔහු ඉදිරියේ කඩුලු එකක් පමණක් දැවී ගිය ද,පන්දු ඕවර් 10 ම නිමා කරද්දී ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට ඔහුගෙන් උදුරා ගන්න ලැබුණේ ලකුණු 13 ක් පමණි.

ශ්‍රී ලංකාව පහසුවෙන් අවසාන පූර්ව තරගයට පිවිසෙන බව සනාත කරමින් ඇෆ්ගන් ඉණිම ලකුණු 134 ට සීමා වුණා.ජයග්‍රාහී ඉලක්කය ලකුණු 135 ක්.සාමාන්‍යයෙන් තරගාවලියට ශ්‍රී ලංකාව මුහුණ දුන් හැඩය ගැන හිත කොට ඒක නියමිත පන්දුවාර ගණනට මෙපිටින්,වැඩි කඩුලු ගණනක් ඉතිරිව ලැබිය හැකි ජයග්‍රහණයක් බව ක්‍රිකට් විචාරකයන් පවා විශ්වාස කළා.

නමුත් ශ්‍රී ලංකා ඉණිම ලකුණු 130 දී නිමා වුණේ පන්දු ඕවර් 4ක් ඉතිරිව තිබියදී.දුවද්දී දැවීයාම් හතරක් වාර්තා වුණා.ආරම්භක පිතිකරු චමිදු වික්‍රමසිංහගෙන් (ලකණු 16) පටන් අරගෙන සකුණ ලියනගේ (02),යසිරු රොද්‍රිගේ (02) සහ අවසානයේ ට්‍රෙවින් මැතිවිස්(04) දුවද්දි දැවී ගිය පොකුරට එකතු වුණා.අවසාන මොහොතේ ට්‍රෙවින් මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී යන විටත් අවසාන කඩුල්ල වෙනුවෙන් ඔහු සහ විනුජ රන්පෝල් අවසන් පන්දුවාර් හරත තුළ ලකුණු 14 ක් ලබාගෙන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යා හැකි බව සහතික කරමින් හිටියා.එහෙත් පන්දු යැවීමක හෝ පන්දු රැකීමක විශිෂ්ඨත්වය නොරැදී අවාසනාවන්ත කළබලයක ප්‍රතිඵලයක් ලෙස ට්‍රෙවින් ගේ කඩුල්ල අහිමි වුණා.

මේ තරගයේ කඩුලු 7 ක් ම ලකුණු 43 ට අහිමිව ගියේ දුවද්දි දැවී යාම් තුනක් සමඟයි.මෙහිදී මුල් තරගවල අංක හයට පිවිස කණ්ඩායම වෙනුවෙන් විශාල සේවයක් කරපු නායක දුනිත් වෙල්ලාලගේ පහරදිම අංක 8 ට කැඳවා තිබුණා.දුනිත් ඒ වගකිමෙන් වෙන තරගවලදී මැද පෙළ ශක්තිමත් කළ ආකාරයට මේ තරගයේදීත් පසු පෙළ ශක්තිමත් කරමින් වටිනා ලකුණු 34 ක් ලබා ගත්තා.ඔහුට සහයක් දෙමින් රවීන් ද සිල්වා ලකුණු 21 ක් ලබා ගත් අතර ඒ දෙදෙනා අටවන කඩුල්ලට එකතු කළ ලකුණු ප්‍රමානය 69 ක් වුණා.නමුත් දුනිත් මීට ඉහළින් පැමිණ මේ ලකුණු ප්‍රමානය රැස් කරා නම් ඔහුට ඊට වෙනත් ක්‍රීඩකයන් සමඟ ඇති කරන සබඳතා ද එකතු වෙන්නට තිබුණා.එහෙත් කවුරුන් හෝ කණ්ඩායම් පරිපාලකයෙක් තරගාවලිය පුරාම විශ්වාසයෙන් කණ්ඩායමට ලකුණු එකතු කළ දුනිත් පහතට ඇඳ දැමීමත් දුවද්දි දැවී යාම්වලට එකතු විය යුතු නොසැළකිල්ල වගේම සාකච්ඡාවට ගත යුතු කාරණයක් වෙනවා.

මේ ආකාරයටම 2000 අවුරුදු 19 න් පහළ තරගාවලියේදි මලින්ත ගජනායකගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරගයේදී අනු සූරයන් බවට පත් වුණේ දුවද්දි දැවී යාම් හතරක් මූලික කරගෙනයි.එසේම එම තරගයේ කාසියේ වාසිය දිනා පසුව පන්දුවට පහර දීමට කණ්ඩායම ගෙන තිබූ තීරණයට කණ්ඩායම් පුහුණුකරුව සිටි ඩී.එස්. ද සිල්වා විරුද්ධ වීම නිසා අවසාන තරගය පැවති එස්එස්සී පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට වුණේ ඉන්දිය වේගයේ දෝලනය සමග අරගලයක යෙදෙන්නට.ඒ පීඩනයම යම්තාක් දුරට ලකුණු වැඩි කර ගැනීමේ උවමනාව හැටියට දැනෙන්න ගත්තම ක්‍රීඩකයින් හතර දෙනෙක්ටම දුවද්දි දැවී යන්නට සිදු වුණා.

පුහුණුකරුවන් දෙදෙනා දෙපිළේ ඩී.එස්.සහ රොජර් බිනි වුණා.දෙදෙනාම සිය ජාතික කණ්ඩායම් පන්දු යවන්නන් ලෙස දායක වූ අයයි.ඒ අතරින් බිනි 83 ලෝක කුසලානය දිනූ ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් සිය දායකත්වය දක්වා තිබුණේ අවසාන තරගයේදි පන්දු ඕවර් 10 ක් යවමින් ලකුණු 23 ට එක් කඩුල්ලක් ලබා දෙමිනුයි.ඔහු අතින් දැවී ගියේ ඊට පෙර අවස්ථා දෙකේම කොදෙව්වන්ට ලෝක කුසලානය දිනා දෙන්නට නායකත්වය දැක් වූ ක්ලයිව් ලොයිඩ් වීමත් වැදගත්.එවැනි වේග පන්දු යවන්නෙක් ලෙස අත්දැකිම් ඇති ක්‍රීඩකයෙක් පුහුණු කරන කණ්ඩායමකට දඟ පන්දු යවන්නෙක් ලෙස දක්ෂතා දක්වන ක්‍රීඩක පොකුරක්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටියදී ඩීඑස් ශ්‍රී ලංකා කණ්ඩායමට එස්එස්සි පිටියේ උදෑසන වේග පන්දුවේ දෝලනයට යොමු කිරීම ප්‍රශ්නකාරි දෙයක් වුණා.

එම තරගයේදී තිළිණ කණ්ඩම්බි (10),මුතුමුදලිගේ පුෂ්පකුමාර (17),කෞශල්‍යය වීරරත්න (23) සහ අකලංක ගනේගම මේ ආකාරයට දුවද්දි දැවී ගිය ක්‍රීඩකයින් වුණා.ඉහත නම් සහිත ක්‍රීඩකයින් සිව් දෙනාම ශ්‍රී ලංකාව නියෝජනය කරපු ක්‍රීඩකයින්.ඊට අමතරව එම කණ්ඩායමේ හිටිය ප්‍රභාත් නිශ්ශංක,ජෙහාන් මුබාරක්,කෞශාල් ලොකුආරච්චි යන ක්‍රීඩකයින්ද ශ්‍රි ලංකාව නියෝජනය කළා.නමුත් එම තරගාවලියේදී මෙන්ම පසුව පළමු පෙ තරගවලද කැපි පෙණුන රශාන් පීරිස්,ඉයන් ඩැනියල්,රනිල් ධම්මික වැනි ක්‍රීඩකයින්ටනම් කුමන හෝ අවාසනාවකට කෙතරම් දස්කම් දැක්වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරටු විවර වුණේ නැහැ කියන අතුරු කතාවත් මේ සටහනට එකතු විය යුතුමයි.

දුවද්දි දැවී යාම් සමග ලකුණු 178 සීමා වූ ශ්‍රි ලංකා ඉණිමේ ලකුණු ප්‍රමානය ඉන්දියාව පසු කර ගියේ පන්දු ඕවර් 40.4 දී යි.එහිදී ඔවුන් අහිමි කර ගත්තේ කඩුලු හතරක් පමණයි.එම ඉන්දීය කණ්ඩායමත් පසු කලෙක ජගත් ක්‍රිකට් පිටියේ දැවන්තයන් වූ යුවරාජ් සිං,මොහොමඩ් කායිෆ් සමඟ ක්‍රීඩා පිටියට පිවිසි අතර කයිෆ් කණ්ඩායමේ නායකයා වුණා.ඒ දෙදෙනාට අමතරව ඉන්දියාව නියෝජනය කළ රිටෙන්දර් සෝඩි සහ වෙනුගෝපාල් රාවෝ ද එම ඉන්දීය කණ්ඩායමේ සිටියා.

2000 අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායම

ශ්‍රී ලංකාව 2000 වසරේ කුසලානය දිනා ගනු ඇතැයි විශාල විශ්වාසයක් පැවති අතර දුනිත් වෙල්ලාලගේ නායකත්වය යටතේ මෙවර සහභාගි වූ කණ්ඩායම ද අර්ධ අවසාන පූර්ව තරගයෙන් පහසුවෙන් ජයගෙන අවසාන පූර්ව සහ අවසාන වටයට පැමිණ කුසලානය සඳහා හොඳ තරගයක් දෙනු ඇතැයි බලාපොරොත්තු වුණා.නමුත් එදා මෙන්ම දුවද්දි දැවි යාම් පොකුරක පීඩනය සමඟ ශ්‍රී ලංකාවට පරාජය වෙන්න සිදු වුණා.ඒ වගේම එදා ද 19 න් පහළ කණ්ඩායම පන්දු රැකිමට ගත් තීරණය වෙනස් කරමින් ඔවුන්ට පළමුවෙන් පන්දුවට පහරදීම සදහා කළමනාකාරීත්වය තීරණය කළ අයුරෙන්ම මෙවරත් අවසාන තරගයේදි තරගාවලියේ විශ්වසනියම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ දුනිත් වෙල්ලාලගේ අංක අට දක්වා තල්ලු කරමින් කවුරුන් හෝ වැරදි තීරණයක් ගෙන තිබුණා.අනෙක් අන්තය පාලනයට ගෙනෙමින් සහ සහයකයාගේ විශ්වාසය ඇති කරමින් හොඳ සබඳතාවයන් මැද පෙළට එකතු කර දුනිත් දැවී ගිය පසු ඔහු ක්‍රීඩා කර පිතිකරු අංකය අනුව කඩුලු දෙකක් පමණක් ඉතිරිව තිබුණ බැවින් එය අවසාන පිතිකරුවන්ට විශාල පීඩනයක් ගෙන දුන්නා.

දුවද්දි දැවීයාම් ලෙස මේ පරාජයන්හී හේතුව ඉතිහාසයට එක්වෙනු හැරෙන්නට 2000 කාසියේ වාසියේ තීරණය සහ 2022 දුනිත් පිතිකරු නාමාවලියේ පහත හෙළිම හේතුවක් ලෙස ඉතිහාසයට එක් වෙන්නේ නැහැ.නමුත් ක්‍රීඩකයින්ටම පරාජයක සමස්ත වගකීම පැවරෙද්දි තවත් අවස්ථාවන් ද ඇති බව කොතැන හෝ සළකුණු වි තිබීම දවසක එක් අයෙක්ට හෝ ක්‍රිකට් සම්බන්ධ කියවීමේදි වැදගත් වෙනු ඇති.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan