ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බවට නිල නොවන ආරංචියක් දේශපාලන ක්ෂේත්රය තුළ සංසරණය වෙමින් තිබේ.
ඊයේ (28) පස්වරුවේ සිට මෙම පුවත සමාජ මාධ්‍ය තුළ ද පැතිරෙමින් ඇතත් එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැත.
රමාල් සිරිවර්ධන මහතා ජාතික ජන බලවේග රජය යටතේ ලංගම සභාපති තනතුරට පත්වූයේ 2024 ඔක්තෝබර් 02 වනදා ය. ඔහු ඊට පෙර අවස්ථා කිහිපයකදීත් ලංගම සභාපති වශයෙන් කටයුතු කර තිබුණු අයෙකි.
මේ අතර සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා ද මෙවන් සටහනක් සිය ෆේස්බුක් ගිණුමෙහි පළකර තිබිණි.